මම ජනපති වුණානම් දවල් මිගෙල් රෑ දනියෙල් කතා කියන්නේ නෑ
තමන් 2010 වසරේදී ජනපතිවරණය ජයග්රහණය කළා නම් සිදුකරන දෑ පිළිබඳව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද (05දා) පාර්ලිමේන්තුවේදී දීර්ඝ විස්තරයක් කළේය.
පසුගිය එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් හා ජනපති අතර පැවැති සාකච්ඡාවේදී නැවත වරක් ජනපති මෛත්රීපාල සිරිසේන මහතා තමන්ව මතක් කර ඇති බවත් තමන්ව මතක් නොකර ජනනතිවරයාට කිසිවක් කර ගත නොහැකි බවත් ඔහු සඳහන් කළේය.
" මම ඡන්දය දිනුවානම් 2.50 වැඩ කරන්නේ නෑ. තුට්ටු දෙකේ වැඩ කරන්නේ නෑ. මම එක්සත් ජාතික පක්ෂයෙන් ජනපතිවුණානම් එක්සත් ජාතික පක්ෂයේ නායකයාගේ කකුළෙන අදින්නේ නෑ. එක්සත් ජාතික පක්ෂයේ විරුද්ධ පක්ෂයේ නායකත්වය භාර ගන්නේ නෑ.
මම ජනපතිවුණානම් සුමාන දෙකකට වරක් පිටරට යන්නෙත් නෑ. මම ඇමති ලෙස කටයුතු කරන අවස්ථාවේදී කිසිම අවස්ථාවට රජයේ මුදිලින් විදේශ සංචාර සඳහා එක්වී නෑ. මම මාස 10ක් භාවිත කළේ මගේ පෞද්ගලික වාහනය.
මම ජනපති වුණානම් බිලියන 12ක් දාලා මගේ දිස්ත්රික්කය විතරක් සංවර්ධනය කරන්නේ නෑ. මම ජනපතිවුණානම් උදේට එකක් රෑට එකක් කියන්නේ නෑ. දවල් මිගෙල් රෑ දනියෙල් වැඩ කරන්නේ නෑ. මම ජනපතිවුණානම් මා ගැනම පොතක් ලියලා ඒක මගේ දුවගේ නමින් පළ කරන්නේ නෑ.
මම ජනපතිවුණානම් පණ බයේ කොහේ ගියත් කතා කරන්නේ නෑ. මම ජනපතිවුණානම් රංගේ කියලා මන්ත්රීවරුන් කොටා බාන්නේ නෑ." යැයි ඔහු ප්රකාශ කළේය.

popular news
-
Prabath Wednesday, 05 December 2018 11:14 AM
යුද්දේ දිනුව නම්බුව තියාගෙන ඉන්න බැරිද දොඩවන්නේ නැතුව. අර බාලාන්සේ ළමයි රචනා ලියන්නේ මම ඉංජිනේරුවෙක් දොස්තරයෙක් උනානම් කියල. පොඩ්ඩක් සද්දේ වහල ඉන්නවද තවමත් අපේ තියෙන ගෞරවය තියාගෙන.
Reply : 494 191
saman Wednesday, 05 December 2018 11:18 AM
රටේ වාසනාවට ඔය ජනාධිපති වුනේ නැත්තේ
Reply : 340 142
Priyantha Wednesday, 05 December 2018 11:52 AM
නියම කොන්දක් තියන එඩිතර නායකයෙක්.පඹයො වගේ නායකයො කියාගන්නා මලමිනීවලට මෙතුමා ආදර්ශයක්
Reply : 218 701
Deepal Nirosh Wednesday, 05 December 2018 12:28 PM
ජනපති වුණානම්? එයෙනම් ඉතින් කාටවත් කතා නැහැ තමයි.
Reply : 2 11
priyantha dahrmakirthi Wednesday, 05 December 2018 03:34 PM
You are welcome Sir
Reply : 9 131
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

