මම ජනපතිවරණයට ඉදිරිපත් වෙනවා - මර්වින්
තමා ඉදිරි ජනපතිවරණය සඳහා ඉදිරිපත් වන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කළේ පෙරේදා (23) දා අනුරාධපුර යොවුන් නිකේතනයේ දී පැවති ‘‘වීරදුටුගැමුණු සංවිධානය‘‘ නමින් සංවිධානයක් ආරම්භ කරමින් පැවති උත්සවයකදීය.
“මම ජනාධිපතිවරණයට සිංහල බෞද්ධයා වෙනුවෙන් තරඟ කරනවා. රටේ ලොකු වෙනසක් ඇති කරනවා. දිව්‍ය ලෝකෙ වැඩ සිටින, මේ රට හදපු වීර දුටුගැමුණු මහ රජතුමාගේ නමින් තමයි මම ඡන්දය ඉල්ලන්නේ.
පක්ෂයේ නම වෙලාවට කියන්නම්, දැනට "වීර දුටුගැමුණු සංවිධානය" පමණයි. අද මේ අනුරාධපුරේදී සිදු කළේ පොඩි කුඹුරක් අරගෙන ස්වයංජාත වී ටිකක් වපුරපු එක විතරයි. අද වී ටික වපුරපු දවස ගොයම් ටිකක් උඩට මතු වෙනකම් ඉන්න මම වැඩ කරලා පෙන්නන්නම්.
එදා බුදුරජාණන් වහන්සේ තනිවම මිගදායට වඩින විට විශාල පිරිසක් එහි ඒකරාශී වුණා. ඉතිහාසයේ වෙච්ච දේවල් පොත පතට වැඩියෙන් තිබෙන්නේ මුඛ පරම්පරාවෙ, ඒ දේවල් තමයි අදත් පවතින්නේ. ඒ වගේ මම දුටුගැමුණු මහ රජතුමා උපන්න රුහුණේ හිටපු තිස්සමහාරාමයේ මන්ත්‍රීවරයා මමයි. මගේ ගම බෙලිඅත්තේ, මම සැතපුම් 50ක් දුර ගිහින් තමයි මන්ත්‍රී වුණේ.
නැති වුණු ශ්‍රී විභූතිය මේ සම්බුද්ධ ශාසනය, සිංහල කම, රැකගෙන වැව් පුරවල, කෙත් වතු සාර කරල, ඇලවල් හදලා, මේ රජරට සශ්‍රීක කරන්න, දුටුගැමුණු රජතුමා කිව්වා වගේ මාගේ මේ ව්‍යායාමය රජ සැප සඳහා නොව, සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා පමණයි.
මුදල් හම්බ කිරීමෙ චේතනාවක් මට නැත, හොර මැර කම් වංචා දුෂණ මගේ නැත, පළිගැනීම් නැත, වෛරයක් නැත, අනුරාධපුරේට ඇවිත් මා, මගේ මිනිසුන් සමග මම ඒකරාශී වෙනවා. ඔබලාගෙන් මා ගෞරවයෙන් එක ඉල්ලීමක් කරනවා. මාව විකුණන්න, මාව උගස් තියන්න, හදන්න එපා. මම වැඩ කරන්නෙ මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා උන් වහන්සේලාගේ උපදෙස් අනුවයි.
මගේ ප්‍රාර්ථනාව අනිසි දේ නොකිරීම, අනිසි දේ ලබා නොගැනීම, අනිසි සිතුවිලි පහළ නොවීම. දැහැමි සිතුවිලි වලින් දැහැමි පාලනයක්. දඩබ්බර නොවන සෟජු පාලනයක් සමග ආදරයෙන්, මේ රජරට වකුගඩු රෝගය තුරන් කරන්න ඕනේ මට දුටුගැමුණු රජතුමාගේ කාලය වගේ සහලින් ස්වයංපෝෂිත කරන්න ඕන මට”
අනුරාධපුර බී.ජී. චතුරංග

popular news
-
rocky Thursday, 25 October 2018 08:36 AM
දැන් නම් හොඳටම හෙඩ්පීස් එක අප්ෂේට් ගහල වගෙයි. ළඟ ඉන්න උදවිය පරෙස්සම් වෙන්න.
Reply : 0 0
Upil Thursday, 25 October 2018 01:09 PM
මේ වගේ හරක්ට රට හාන්න නගුල් හදලා දෙන්නෙ මාධ්‍ය ආයතන විසින්. ඊට පස්සෙ මුන් උම්බෑ කියන කොට ඒවාට හඩ නගන්නෙත් මාධ්‍යම තමයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

