මම කසාඳ තුනක් කර ගත්ත කෙනෙක් - ඩිලාන්
තමන් කසාඳ තුනක් කරගත් කෙනෙක් බවත් පැරණි බිරියන් සමග සබඳතා හොඳින් පවත්වාගෙන යන අයුරු දන්නා බවත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩිලාන් පෙරේරා මහතා පැවැසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීමෙන් අනතුරුව ඔහු මේ බව පැවැසීය.
“මම කසාඳ තුනක් කරගත්ත කෙනෙක්. පැරණි බිරියන් එක්කත් සම්බන්ධතාවය හොඳට පවත්වාගෙන යන විදිය මම දන්නවා. බැසිල් රාජපක්ෂ මහතා සමගත්, ජි.එල්. පීරිස් මහතා සමගත් මම හොඳින් කටයුතු කළා.
මට පැරිණි ආදරවන්තියන් එක්ක ආදරෙන් වැඩ කිරීමේ නොහැකියාවක් නැහැ. ඒක හිතේ ධාරණය කරගෙන මේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න අපි සියලු දෙනා එකතු වෙනවා. මට තනතුරු ලැබුණත් නොලැබුණත් ප්‍රශ්නයක් නැහැ. අපිට ආණ්ඩුවක් දිනා ගැනීමයි වැදගත් වෙන්නේ. මේ සියලු දෙනා පක්ෂයෙන් ඉවත් කරන බවට තර්ජනය කර තිබියදීත් තමයි මොවුන් අද මෙහි පැමිණ සිටින්නේ.
පහුගිය කාලේ එස්. බී දිසානායක මහතාගේ නායකත්වයෙන් අපේ පක්ෂය තුළ අපි අභ්‍යන්තර අරගලයක් කලා. එය ජයග්‍රහි ලෙස අවසන් කරන්න අවස්ථාව තිබියදීත් අපිට පක්ෂයෙන් ඉවත් වෙන්න සිද්ධ වුණා. අපි කළ අභ්‍යන්තර අරගලය සාර්ථක කරගන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණ අතර තියෙන සාකච්ඡා සාර්ථක වේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා”

popular news
-
Kumar Thursday, 29 August 2019 10:23 PM
මේ මහත්මයට හොඳ පලපුරුද්ධක් තිබෙනවා කියල දැන් අපි දන්නවා. මහත්තයගෙ කනේ ඇසීමත් බොහෝ දුර්වල ඇති පරණ දෙන්න කැගහලම. ඔබතුමා දේශපාලනයටම සුදුසු කෙනෙක්නෙ.
Reply : 0 7
Dayan Friday, 30 August 2019 07:01 AM
ඉතින් අපිට පාන්ද? කෝවත් එහෙම ඇති.
Reply : 0 8
samson Friday, 30 August 2019 10:29 AM
දිලාන් පෙරේරා කියන්නේ බැසිල් රාජපක්ස සහ පීරිස් එයාගේ පැරණි බිරියන් කියලා නේද?
Reply : 0 4
ටි ඉන්දික Friday, 30 August 2019 01:07 PM
නමක් කියන්න බැරි මිනිහෙක්..
Reply : 0 5
ranjith Saturday, 07 September 2019 06:44 AM
රටට ආදර්ශයක් දිය උතු කට්ටිය කියන කතා මෙවන් ය පාර්ලිමේන්තුවට යවනවද. දරුවන්ටවත් ආදර්ශයක් දිය හෙකි මහත්තුරු පාර්ලිමේන්තු යවමු
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

