මම ඒකාබද්ධ විපක්ෂයෙන් එළියට ආවේ ආපහු යන්න නෙවෙයි
තමා ඡන්දෙට පෙර හෝ පසුව පොහොට්ටුවට නොයන බවත්, ඒ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාද දැනුවත් කළ බවද පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කරන ලද්දේ, පෙරේදා (18දා) නුවරඑළියේදී කැඳවා තිබු මාධ්‍ය හමුවකදීය
"මම එකාබද්ධ විපක්ෂයෙන් එළියට ආවේ ආපහු එහෙට යන්න නෙවෙයි. මට මගේ පාක්ෂිකයින් බලකරනවා පොහොට්ටුවට යන්න කියලා. නමුත් මම මගේ තීරණය වෙනස් කරන්නෙ නැහැ. මම මේ තීරණය හොඳට හිතලා බලලා ගත්තෙ.
ඒ තීරණේ මමත් අදත් හෙටත් ඉන්නවා. මගේ එකම අරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කිරීමයි. මේ යන ක්‍රමෙට ගියොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැත්තටම නැති වෙනවා. මැතිණියගෙන් පත්වීම ලබාගත්ත මම ඒ දේ වෙනවා දකින්න කැමති නැහැ. ඒ නිසා මම තීන්දුවක් ගත්තා පොහොට්ටුවට වැඩ කරන්නෙ නැහැ කියලා.
මගේ පාක්ෂිකයෝ මට තියෙන හිතවත්කමට තමයි උපවාස කරන්නේ. ඒ අය මාත් එක්ක දිගටම දේශපාලනය කරලා, වෙනත් නායකයෙක් එක්ක යන්න බැරි නිසා මට බලපෑම් කරනවා. මම පොහොට්ටුවට යන්න කැමති නැති නිසයි ඇවිත් උපවාස කරන්නේ.
සමහර විට මහජනතාව හිතයි මම ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහත්තයාවගේ පාක්ෂිකයො දම්මලා උපවාස කරවනවා කියලා පොහොට්ටුවට යන්න පාර කපා ගන්න. මට එහෙම අවශ්‍යතාවයක් නැහැ. මම මහින්ද රාජපක්ෂ මත්තයාටත් කිව්වා පොහොට්ටුවට බැදෙන්නෙ නැහැ කියලා. මම ශ්‍රී ලංකාකාරයෙක්. ඒ අය මගේ හිතවත්කමට උපවාස කරනවා හැරෙන්න වෙන දෙයක් නැහැ. මම ඒකාබද්ධයෙන් එළියට ආවේ නැවත යන්න බලාගෙන නෙවෙයි.
මම ශ්‍රී ලංකා නිදහස් පක්සේ අන්තිමට ඉතිරිවෙන දාහද, දෙදහද, ඒ අයත් එක්ක නැවත පක්ෂෙ ඉදිරියට ගෙනියන්න කැප වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ගත්තෙ වැරදි තීරණයක්. මම මෛත්‍රිපාල සිරිසෙන මත්තයාට එක වාචිකවත් ලිඛිතවත් කිව්වා. පොහොට්ටුවට යෑමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට බෙදුණා.
සමහර අය හංසයාට ගිහිල්ලා. මේ තීන්දු තීරණ ගත්ත අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය නෙවෙයි. මේ අයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන හැඟීමක් නැහැ. වෙන වෙන පැතිවලට ගිහින් ආව අය අයට පක්ෂය ගැන කැක්කුමක් නැහැ. ඒ කැක්කුම පරණ ශ්‍රී ලංකාකාරයන්ට තියෙනවා. මේ අය බලන්නේ තමන්ට ලැබෙන තනතුරු වරප්‍රසාද ගැන විතරයි. ඒ අයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෙන ගහලා ගියත් කමක් නැහැ.
මම කියනවා තවමත් අවස්ථාව තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගන්න. චන්ද්‍රිකා මැතිණිය මාත් එක්ක කෙලින් හිටගන්වානම් මම මේ සටන ඉදිරියට ගෙනියනවා. පක්ෂය ගොඩ ගන්න සටනට ඉදිරිපත් වෙන්න මම කැමැත්තෙන් ඉන්නෙ.
අපි පක්ෂය ගොඩගන්න වැඩසටහනක් ගෙනච්චොත් ඔය ගිය අයත් එනවා. අපි වැඩපිළිවෙළක් ඇතුව යන්නේ. මෙහෙම ගියොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතිරි වෙන්නෙ නැහැ. ඒ වාසගම තියෙන දෙන්නෙක් පක්ෂ දෙකේම සභාපතිකම් දරයි. ඒක බරපතළ තත්ත්වයක්. එක නිසා චන්ද්‍රිකා මැතිණිය මේකේ නායකත්වය ගන්නවානම් මම එතුමියත් එක්ක රට වටේ ගිහින් හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත ගොඩ ගන්නවා. සාමාජිකයින් මට පක්ෂයේ නායකත්වය දෙනවානම් මම ඒක කරන්න සූදානම්"
නුවරඑළිය - සම්පත් ජයලාල්

popular news
-
manel Monday, 21 October 2019 03:00 AM
අදහස නම් හොඳයි. ලොකුම ප්රශ්නය තියෙන්නේ, චන්ද්‍රිකා ගාව ගන්න එකයි. මොකද කියනවනම් එයට දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති අරහන්! කෙලින්ම එය කඩේට යන්නේ බටහිර රටවල් වලටනේ. ඉතින් කොහොමද ඔබ එයත් එකකේ SLFP එක රකින්නේ. මහින්දලා ඊට වඩාහහස් වරක් හොඳයිනේ.
Reply : 2 0
Bandula. Monday, 21 October 2019 12:11 PM
අනේ ඔය ඉන්න තුන් හාරදහ එක්ක ඉන්න, කවදාක හරි ජනාදිපති වෙන්න පුළුවන් වේවි, මේ අර්ත්මේ බැරි උනත් ලබන ආත්මෙක හරි.
Reply : 2 0
nimal Monday, 21 October 2019 01:04 PM
අනේ වෙල්ගම ඕහේට මහින්ද රාජපක්ෂ වෙන්ඩ බැහැ. නිකම් බොරුවට පීම් බෙනඩ එපා
Reply : 8 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

