මනුෂගෙන් අනාවරණයක්
පාර්ලිමේන්තුව තුල බහුතරය හදා ගැනිමට නොහැකි බංකොලොත් කණ්ඩායම් ඩොලර් මිලියන 03, ලක්ෂ දසදහසේ මුදල් කුට්ටි මන්ත්‍රිවරුන්ට ලබාදි මේ දින දෙක තුල පාර්ලිමේන්තුවේ බහුතරය හදාගැනිමට උත්සාහ දරමින් සිටින බවට තොරතුරු ලැබි තිබෙනවා යැයි හිටපු නියෝජ්‍ය අමාත්‍ය හා පාර්ලිමෙන්තු මන්ත්‍රි මනුෂ නානායක්කාර මහතා පවසයි.
අක්මිමන වංචාවල ප්‍රදේශයේ පිහිටි මන්ත්‍රිවරයාගේ නිවසේ අද දහවල් පැවති මාධ්‍ය හමුවකදි මන්ත්‍රිවරයා මේ බව සදහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
අලුත්ම ආරංචිය. නැවත මුදල් සුදුව ආරම්භ කරලා තියෙනවා. බංකොලොත් කණ්ඩායම් ඩොලර් මිලියන 03කට ලක්ෂ දහදහසේ මුදල් කුට්ටි ලබා දිලා මේ දින දෙක ඇතුලත තමන්ගේ 113 හදාගන්න උත්සාහ කරන බවට තොරතුරු ලැබිලා තියෙනවා.. පසුගිය දිනවල අලුතෙන් හදපු ආණ්ඩුවට එකතුවෙලා නැවත එජාපයට ආපු මන්ත්‍රිවරුන්ට බලපැම්කරලා ඒ අය උස්සාගෙන යාමට උත්සාහ කරපු අවස්ථාවන් අපට ආරංචි වෙනවා. මුදල් දිලා මන්ත්‍රිවරුන් බා ගන්නයි. මේ උත්සාහ කරන්නේ. එජාපයට හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයාට පාර්ලිමේන්තුවේ 113ක් තියෙනවා. එතුමාට මුදල් දිලා මන්ත්‍රිවරු ගන්න අවශ්‍ය නැහැ. අපට 122ක් මන්ත්‍රිවරු ඉන්නවා. එතුමා ශක්තිමත් අපි ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් තමයි මේ තින්දුව අරගෙන තියෙන්නේ. මන්ත්‍රිවරු 113ක් නැති බංකොලොත් කණ්ඩායම එක එක නායකයින්ගේ පුත්තු මැදිහත්වෙලා ගොලයින් මැදිහත්වෙලා මුදල් ලබාදි මන්ත්‍රිවරු බිලා බා ගැනිම ආරම්භ කොට තියෙනවා.
අගමැතිකම දෙන්න ඕන බහුතරය තියෙන පක්ෂයට. බහුතරය නැති කෙනෙකුට දෙන්න විදියක් නැහැ. ජනාධිපතිවරයාට සදාචාරත්මක අයිතියක් නැහැ කාටවත් දෙන්නේ නැහැ කියලා කියන්න. ඉදිරි මැතිවරණයට යද්දි එජාපය පුමුඛ නව සන්ධානය අලුත් ගමනක් අලුත් විදියට යාවි. ඒ ගැන පක්ෂය තිරණය කරාවි. විවිධ අදහස් යෝජනා තියෙනවා අගමැති අපේක්ෂකයා කවුද කියලා.
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්කරන්න කියලා එක්සත් ජාතික පෙරමුණේ සියලු මන්ත්‍රිවරු දිවුරුම් ප්‍රකාශ ලබාදිලා තියෙනවා ඊට අමතරව දෙමල ජාතික සන්ධානය අද පස්වරුවේ දි තමන්ගේ මතයක් එක්ක මුණගැසිමට නියමිතයි.113ක් දෙනාට වැඩි මන්ත්‍රි සංඛ්‍යාවක් රනිල් වික්‍රමසිංහ මහත්තයාට අගමැතිකම දෙන්න කියලා දිවුරුම් ප්‍රකාශ ලබාදිමට සුදානමින් ඉන්නවා යැයිද මන්ත්‍රිවරයා කිවේය.
ජිනේෂ් නානායක්කාර

popular news
-
DRKS Fernando Monday, 19 November 2018 05:27 AM
එහෙනම් සල්ලි මිටි අරන්ද ඉස්සෙල්ල ගිහිල්ල ඇමතිකමක් ගත්තේ, පස්සේ අනිත් පැත්තෙනුත් ලොකු සල්ලි මිටියක් අරගෙනද ආපහු සිගප්පුරුගිහින් ආවේ? හිතන්නෙපා රටේ මිනිස්සු ඔයතම් මෝඩයි කියල.
Reply : 1 170
Deepal Nirosh Monday, 19 November 2018 08:34 AM
ඉතින් තමුන්ට විතද ද? අනිකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් සිංගප්පූරු යන්න අයිතියක් නැද්ද?
Reply : 0 122
Sekara Tuesday, 20 November 2018 11:40 AM
ඔයාගේ බොරු වලින් මහජනයව රවට්ටන්න බැරි බව දැනගන්නවා.
Reply : 0 169
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

