මන්නාරම තෙල් හා ඛණිජ තෙල් ඇති බව තහවුරු වෙයි
මන්නාරම තෙල් ගවේෂණ සාර්ථ වී ඇති බවත් එහි ස්වාභාවික වායු හා ඛනිජ තෙල ඇති බවට සාර්ථක වී ඇති බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන හා මහා මාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කළේය.
ඊයේ පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් ඔහු මේ බව හෙළි කළේය.
“ දැනට ශ්‍රී ලංකාවේ මන්නාරම අක්වෙරළ ද්‍රෝණියේ ස්වාභාවික වායු නිධි දෙකක් සොයාගෙන ඇති අතර සමීක්ෂණ හා අධ්‍යන වාර්තා අනුව මන්නාරම ද්‍රෝණියේ ස්වාභාවික වායු ඝන අඩි ට්‍රිලියන 9කට ආසන්න නිධි හා බැරල් බිලියන දෙකක් පමණ ඉක්ම වූ තෙල් නිධි දෙකක් සහිතව මන්නාරම ද්‍රෝණියේ සක්‍රිය ඛණිජ තෙල් පද්ධතියක් පවත්නා බව සනාථ කර ඇත.
දැනට සොයාගෙන ඇති නිධි දෙකෙන් කුඩා නිධියක් වන ද්‍රොනාඩෝ මගින් ඝන අඩි බිලියන 350ක ස්වාභාවික වායු ප්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකි බව තක්සේරු කර ඇත.
ඉන් මෙගාවොට් 300ක් පමණ වන ධාරිතාවක් ඇති විදුලි බලගාරයක් නොනවත්වා වසර 10ක් පමණ කාලයක් ක්‍රියා කළ හැක.
දෙවන ස්වාභාවික වායු නිධියේ ඝන අඩි බිලියන 1000ක් පමණ ස්වාභාවික වායු නිධි පවතින බවට තහවුරු වි තිබේ.”
මේ සඳහා ලන්සු කැඳවීම මැයි මස අවසන් කරන බවත් ඒ සඳහා ආයතන 12ක් පමණ ඉදිරිපත්ව ඇති බවත්, 2020 වසරේදි නිශ්පාදන බෙදා ගැනීමේ හා ළිං කැණීම් කටයුතු කළ හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.
මෙයින් ලබා ගන්නා වායු මුලින්ම විදුලි නිශ්පාදනයටත් පසුව ඒවා ප්‍රවාහන හා ගෘහ භාවිතයට යොදා ගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය.
2023-25 වන විට ස්වාභාවික වායු ගවේෂණය සිදුකළ හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.

popular news
-
batangala Saturday, 30 March 2019 09:27 AM
මේක දැන් අපිට අහල ඇතිවෙලා. මේ අට පාස් අපේ ඇමතිවරු කවුරුහරි ටෙක්නිකල් කොමිටී එකක් මොනවා හරි කිව්වම එක අල්ලාගෙන බොරු ෂෝ දානවා. අපේ මාද්යටත් වගකීමක් තියෙනවා හැම මාද්‍ය ආයත්තනයකටම කාර්මික දැනුම ඇති කෙනෙක්ගේ වාර්තා පමණක් පුවත් පත් වල ප්‍රසිද්ද කරන්න . මහින්දගේ කාලෙත් මේකම කරලා chande lanwenakota චන්ද ගන්න මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඇතිකළ . ගත්ත තෙලක් naha . අපේ rate prawurthi janathaawata dena kattiyatath meeta wadaa වගකීමක් thiyenna ona. Wadath rataka nam mewage prawurthi mawanna janathaawa ida denne naha. .
Reply : 1 33
Champa Saturday, 30 March 2019 05:07 PM
මේකට අත ගහන්න ඕනේ දැම්ම නෙමෙයි තව බොහෝ කාලෙකට පස්සේ. ගිහින්. ලංකාව දියුණු කරන්න, විදේශ විනිමය හම්බ කරන තව ඕනේ තරම් දේවල් තියෙනවා රටේ කිසිම පල ප්‍රයෝජනයක් ගත්තේ නැති. මන්නාරමේ තෙල් වලට දැන් අත තිබ්බහම වෙන්නේ මේකත් අනිත් වටින සම්පත් වගේම පිටරැටියන්ට යන එක. හොඳට මතක තියා ගන්න ඕනේ මේ වගේ සම්පතක් තියෙන්න ඕනේ තනිකරම, 100% ක්ම රජය භාරයේ බව. ඒකයි කිව්වේ තව අවුරුදු ගණනාවක් ඉන්න ඕනේ කියලා. මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳන් සියලු වටින සම්පත් විදේශිකයන්ට වික්ක. අන්තිමට මන්නාරමත් දෙන්න යනවා. මේවා කරන්නේ රටට ආදරේට නෙමෙයි. රටට ආදරේ කිසි මිනිහෙක් රටේ සම්පත් විදේශිකයන්ට දෙන්නේ නැහැ. මේවා කරන්නේ කොමිස් ගහන්න. රට විකුණලා තමන්ගේ මඩිය තර කරගන්න.
Reply : 1 86
rocky Saturday, 30 March 2019 07:00 PM
සිරිමා බණ්ඩාර මැතිනිගේ ආණ්ඩු කාලෙත් තෙල් හම්බ උනා කියලා සමහරුප්රචාරය කෙරුව. විදේශ වලට පනයනය කරන්න පුළුවන් වන තෙල් බැරල් සංඛ්‍යාව ගැනත් එක ඇමතියෙක් ගණන් හදල පෙන්නපු බව මට මතකයි. ඇත්තටම තෙල් තිබුන නම් මේ යක්කු ඒකත් හෙමින් සීරුවේ පිට රටකට විකුණා ගන ඉවරයි!!
Reply : 0 37
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

