මන්ත්‍රී ගැටුම් ගැන සොයන කමිටුව අද රැස්වෙයි

පාර්ලිමේන්තු සභා ගර්භයේදී මන්ත්‍රීවරුන්ගේ නොගැළපෙන හැසිරීම් හේතුවෙන් ඇති වූ ගැටුම්කාරී සිද්ධීන් පිළිබඳ කරුණු සොයාබලන කමිටුව අද (12දා) පාර්ලිමේන්තුවේදී පළමුවරට රැස්වීමට නියමිත අතර, මෙම ගැටුම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිස් කණ්ඩායමේ ප්‍රධානීන්ද පාර්ලිමේන්තුවට කැඳවීමට මෙම පාර්ලිමේන්තු කමිටුව තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. සිදු කෙරෙමින් පවතින පොලිස් පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳ විමසීම සඳහා මෙලෙස පොලිස් ප්‍රධානීන් කැඳවීමට නියමිතය.
පාර්ලිමේන්තුවේ ගැටුම්කාරී සිද්ධිය පිළිබඳ කරුණු සොයා බැලීමට පාර්ලිමේන්තු අනුකමිටුවක් පත් කිරීමට කථානායක කරු ජයසූරිය මහතා කටයුතු කළ අතර, නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ චමල් රාජපක්ෂ, රංජිත් මද්දුමබණ්ඩාර, චන්ද්‍රසිරි ගජධීර, බිමල් රත්නායක සහ මාවෙයි සේනාධිරාජා යන මන්ත්‍රීවරු එහි සාමාජිකයෝ වෙති.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නොගැළපෙන හැසිරීම් හේතුවෙන් සභාගැබේ ගැටුම්කාරී සිද්ධීන් ඇති වූයේ පසුගිය නොවැම්බර් මස 14, 15 හා 16 දිනවලදීය. මෙම ගැටුම්වලදී පාර්ලිමේන්තුවේ දේපළවලට සිදු වූ පාඩුව රුපියල් දෙලක්ෂ හැටදහසක් වශයෙන් ගණන් බලා ඇත.
මේ අතර අද (12දා) පස්වරු 1.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, අද දිනයේදී පැවැත්වෙන පාර්ලිමේන්තු සැසි වාරයේදී මහජන ගැලරිය හා කථානායක ආරාධිත ප්‍රභූ ගැලරිය වසා දැමීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
පාර්ලිමේන්තුව තුළ ඇති වූ කලබලකාරී තත්ත්වයන් සමග පසුගිය දින කිහිපයකදීම මහජන ප්‍රභූ ගැලරි වසා දැමීමට පාර්ලිමේන්තුව කටයුතු කර තිබිණි.
අද දිනයේ පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන යෝජනාවක් සම්මත කරගැනීමට නියමිත බවද එක්සත් ජාතික පක්ෂය සඳහන් කළේය.
අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වන්නේදැයි අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු සඳහන් කළහ. පාර්ලිමේන්තුවේ කලහකාරී සිදුවීම්වලින් පසුව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට සහභාගි වීම වර්ජනය කළහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
