පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225ම හැසිරීම කනගාටුදායක බවත් ජනතාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගුටිබැට දෙන දිනය වැඩි ඈතක නොවන බවත් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවැසීය.
අමාත්‍යවරයා මේ බව පැවැසුවේ ඊයේ පාර්ලිමේන්තුවේදී සිදුවූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව අදහස් දක්වමිනි.
මන්ත්‍රීවරුන්ගේ විනය ආරක්ෂා කිරීම වෙනුවෙන් පියවර ගන්නා ලෙස ඔහු කථානයකට දැනුම් දුන් අතර කලු පටි බැඳගෙන ආවත් කලු ඇඳුම් ඇඳගෙන ආවත් ජනතාවගේ බඩ නොපිරෙන බව ඔහු සඳහන් කළේය.
“මන්ත්‍රීවරුන්ගේ අමාත්‍යවරුන්ගේ හැසිරීම දිනෙන් දිනම නරක අතට වැටෙනවා”
