මන්ත්‍රීවරයෙකුගේ පහර දිමෙන් පොලිස් නිලධාරියෙකු රෝහල් ගත කෙරේ
යටිනුවර ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙකුගේ පහරදිමකින් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර පොලිස් නිලධාරියා පහර දුන් බව කියා එම මන්ත්‍රිවරයාද රෝහල් ගත වි ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
යටිනුවර ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයා රෝහල් ගතව සිටියදි පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ගන්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
තුවාල ලැබු කඩුගන්නාව පොලීසියේ පොලිස් නිලධාරිවරයා පේරාදෙණිය රෝහලේ ප්‍රථිකාර ලබන බවත් මහනුවර රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
දන්තුරේ පිළිමතලාව මාර්ගයේ රේල් ගේට්ටුව අසලදි ත්‍රිවිල් රථයකින් මාර්ගයේ ධාවනය වු මගි ප්‍රවාහනය කරන බස් රථයකට පුද්ගලයෙකු බැණ වැදුණු බව කියමින් පිළිමතලාව නගරයේ රාජකාරියේ පසුවු පොලිස් නිලධාරියාට ජනතාව විසින් පැවසිමෙන් අනතුරුව පොලිස් නිලධාරියා එතනට ගොස් ත්‍රිවිල් රථය මාර්ගයෙන් ඉවත් කරන ලෙස කිමත් සමග පොලිස් නිලධාරියාට පහරදි ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවැසිය.
චමිල් රූපසිංහ

popular news
-
Dayan Tuesday, 16 July 2019 06:56 AM
හරි හෝ වැරදි, පොලිචේ නිලධාරියෙකුට පහර දුන්නනම් තදින් නීතිය ක්‍රියාත්මක කල යුථුඉ. ප්‍රාදේශීය සබා මන්ත්‍රී කියන්නේ මොකෙක්ද? තමුන්ගේ නියෝජිතයා හැටියට චන්ඩි පත් කරන එක නොකලයුථුඉ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

