මන්නාරම් සමූහ මිණීවලේ 2වන අදියරයේදි එකපිට පිහිටි අස්ථි කොටස් හමුවෙයි
මන්නාරම් සමූහ මිණීවල දෙවන වතාවට පුළුල් කිරීමෙන් පසුව කැනීම් කටයුතු නැවත ආරම්භ කළ බවටත් අද (08) වන විට සිරුරු 288 ක් හමු වී ඇති බවට කැනීම් භාර නිලධාරී විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.
මන්නාරම් සමූහ මිණීවලේ කැනීම් අද (08) දිනයේදී 126 වන දිනට සිදු කෙරෙන අතර මේ දක්වා හමු වූ සිරුරු 288 න් සිරුරු 178 ක් වෙන් කොට මන්නාරම් අධිකරණයේ විශේෂ කුටියක ආරක්ෂිතව තැන්පත් කොට ඇති බවට වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.
මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල තිබූ ස්ථානයේ සමූහ මිණීවල පිහිටා ඇති අතර එහිදී දෙවන වතාටත් සමූහ මිණීවල ප්‍රධාන මාර්ගය දෙසට හා අතුරු මාර්ගයක් දෙසට පුලුල් කිරීමෙන් පසුව කැනීම් කයුතු අරඹා ඇත.
මේ අතර සමූහ මිණීවලේ මිනිස් ඇටසැකිලි එකපිට එක පිහිටන සේ සිරුරු හමු වීම මිණිවලේ කැනීම් කටයුතු ආරම්භක අවස්ථාවේ සිට හමු වූ බවටත් සිරුරුවල සාම්පල මේ මස අවසන් වීමට පෙර ඇමරිකාවේ ෆොරීඩාහි පිහිටා ඇති රසායනාගාරය වෙතට රැගෙන යාමට සූදානමක් ඇති බවටත් ඇමරිකාවට රැගෙන යාමෙන් පසුව සති දෙකක කාලයක් පුරාවට පරික්ෂණ සිදුකොට වාර්ථාව ලබා ගැනීමට පියවර ගෙන ඇති බවටද විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.



popular news
-
rocky Tuesday, 08 January 2019 03:00 PM
අපේ රණවිරුවන්ගේ මානුෂික මෙහෙයුමක් වෙන්නත් පුළුවනි. මාතලේ සමුහ මිනි වලේ කැනීම් වලින් ලැබුන නිගමනය මොකද්ද?
Reply : 0 0
Prakash Thursday, 10 January 2019 10:30 AM
මේ ප්‍රදේශයේ අතීත සිදුවීම් සහ ජීවත් වුවේ කුමන ජාතින් ද කියා සොයා බලන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

