මධූෂ් හෙළිකළ කරුණුවලට අනුව ඉදිරියේදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට - රාජිත
මාකදුරේ මධූෂ් හෙළි කළ කරුණු වලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
අස්ගිරි පාර්ශ්වයෙන් මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමියන් බැහැදැකීම සඳහා අස්ගිරි මහා විහාරයට ඊයේ (04) පස්වරුවේ පැමිණි සෞඛ්‍ය අමාත්‍යවරයා මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේය.
“මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම පිළිබදව ඔබගේ අදහස කුමක් දැයි මාධ්‍යවේදීන් මෙහිදී විමසා සිටියේය. ඊට පිළිතුරු ලබාදෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවැසුවේ ලෝකයේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම තුලින් අපරාධ අඩු වී නොමැති බව සංඛ්‍යා ලේඛණ වලින් ඔප්පුවී ඇති බවයි. ඇමරිකා එක්සත් ජනපදයේ ඇතැම් ප්‍රාන්තවල මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වන අතර, එම ප්‍රාන්තවල ද අපරාධ අඩු වී නැහැ
මාකඳුරේ මධූෂ් හෙළි කළ කරුණූ වලට අනුව චෝදනා ලැබූවන් ඉදිරියේ දී අත්අඩංගුවට ගන්නවා. පොලිස් විශේෂ කාර්ය බලකාය නීතිවිරෝධී මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගන්නා විට හෙලිකොප්ටරයෙන් ගොස් ඒවා බේරා ගත් දේශප්‍රේමි නායකයා පිළිබඳව ද මාකදුරේ මධූෂ් කරුණු ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතයි. රජයට සම්බන්ධ දේශපාලනඥයින් සිවු දෙනෙකු පිළිබඳව ද මාකඳුරේ මධූෂ් කරුණු හෙළිකර ඇති අතර, ඔවුන් මධූෂ් සමග ඇතැම් අවස්ථා වලදී සාකච්ඡා පවත්වා තිබෙනවා යැයි සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

popular news
-
සත්‍ය කුමාර් Friday, 05 July 2019 04:01 PM
හොඳ හොඳ සෙල්ලම් එලිදැක හැක
Reply : 0 0
Bandula. Saturday, 06 July 2019 06:31 PM
අනේ අපේ රටේ ජනාදිපති වෙන්න හීන දකින එක්කෙනෙක් තම මෙයත්, පව් බන්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

