මධ්‍යම පළාතේ කොවිඩ් ආසාදිතයින් 10,683දක්වා ඉහළට
මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් ඊයේ (06) දක්වා වූ ගෙවී ගිය පැය 24 ක කාලය තුල නව ආසාදිතයින් 232 දෙනෙකු වාර්තා වීමත් සමඟ මධ්‍යම පළාත තුලින් මේ දක්වා කොවිඩ් වෛරසය ආසාදිත සංඛ්‍යාව 10,683 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
මේ අනුව මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 6255 ක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 2129ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 2299 ක් වශයෙන් මෙම ආසාදිතයින් වාර්තාවී ඇති බවත් පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
ඒත් සමඟ ගෙවුණු පැය 24 ක කාලය තුල මධ්‍යම පළාතෙන් නව ආසාදිතයින් 232 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් එයින් ආසාදිතයින් 124දෙනෙකු මහනුවර දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 49දෙනෙකුනුවරඑළිය දිස්ත්‍රික්කයෙන්ද, ආසාදිතයින් 59 දෙනෙකු මාතලේ දිස්ත්‍රික්කයෙන්ද හඳුනාගෙන ඇති බවත් පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව තවදුරටත් කියයි.
මේ අතර මධ්‍යම පළාතේ මේ වන විට කොවිඩ් මරණ 107 ක් වාර්තා වී ඇති අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් මරණ77 ක් මාතලේ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් මරණ15 සහ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් මරණ 15 ක්ද ඇතුළුව මධ්‍යම පළාතෙන් කොවිඩ් මරණ 107 ක්ද වාර්තා වී ඇති බවද සෙඛ්‍ය අංශ කියයි.
මොහොමඩ් ආසික්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                