මධ්‍යම පළාතේ කොඩිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 8262 දක්වා ඉහළට
මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 43ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (23) පෙරවරු 6.00 වන විට 8262ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින් තවමත් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 5293කි. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 1647 දෙනෙකුද මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 1322දෙනෙකු ද වාර්තා වී ඇත.
මධ්‍යම පළාත තුළින් වාර්තාවූ නව ආසාදිතයින් සංඛ්‍යාව 43කි. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 19ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 12 ක් හා මාතලේ දිස්ත්‍රික්කයේ 12ක් ලෙසිනි.
මේ දක්වා මධ්‍යම පළාතේ වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 88 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 65ක් හා මාතලේ දිස්ත්‍රික්කයෙන් 11 ක් හා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 12 ක් ලෙසින් මෙම මරණ වාර්තාවේ.
දුම්බර - එම්.ආර්. ප්‍රදීප්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

