මත්ස්‍ය අලෙවියෙන් නව වාර්තාවක්
ජනතාවට සහන සැලසීමේ හා ජනතාවට සහන මිලට නියම බරට අළුත් මාළු ලබා දීමේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ වැඩපිළිවෙල යටතේ නුවර පාර , තිහාරිය නගරයේදී අද [ 20 ] වීවෘත කළ මත්ස්‍ය අලෙවි මධ්‍යස්ථානය මුල් පැය කිහිපය තුළ මත්ස්‍ය අලෙවියෙන් නව වාර්තාවක් තැබීමට සමත්ව තිබේ .
ඒ අනුව මත්ස්‍ය කිලෝ 700 කට අධික ප්‍රමාණයක් එම කාලය තුල අලෙවි කිරීමට හැකි වූ බව ලංකා ධීවර සංස්ථාව පැවසිය .
මේ අනුව මුල් දින අලෙවියෙන් ලද ආදායම රුපියල් ලක්ෂ පහමාර ඉක්මවීමට හැකි වී ඇත .
ලංකා ධීවර සංස්ථාවේ 91 වන අලෙවි සැල නුවර පාර , තිහාරිය නගරයේදී අද විවෘත කල මෙම අලෙවි සැලය .
සෞඛ්‍ය සම්පන්න ජනතාවක් සදහා ජනතාවගේ ප්‍රෝටීන අවශ්‍යතාව සපුරාලීම සදහා ගුණාත්මක මාළු රට මැද ජනතාව ද ඇතුළු සියලු ජනතාවට ලබාදීමේ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ වැඩපිළිවෙල යටතේ මෙම ප්‍රාදේශීය අලෙවි සල් ප්‍රධාන නගර ආශ්‍රිතව ආරම්භ කිරිමට ලංකා ධීවර සංස්ථාව කටයුතු කළේය .

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
