මත්ද්‍රව්‍ය හා අපරාධ ගැන තොරතුරු දෙන්න නව දුරකථන අංක
මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරධකරුවන් පිළිබඳ ජනතාවට තොරතුරු ලබාදීම සඳහා නව දුරකථන අංක 03ක්, ෆැක්ස් අංක 02ක් සහ නව විද්‍යුත් ලිපින 02ක් පොලිස් මූලස්ථානය විසින් හඳුන්වා දී ඇත.
මෙම දුරකථන අංක, විද්‍යුත් ලිපින සහ ෆැක්ස් අංක හරහා පැය 24 පුරාම ජනතාවට තොරතුරු ලබාදිය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
තොරතුරු ලබාදෙන සියලු දෙනාගේ අනන්‍යතාව හා රහසිගතභාවය පූර්ණ වශයෙන් සුරක්ෂිත කරන බවද ඔහු පවසා සිටියේය.
මීට අමතරව නිවැරදි තොරතුරු ලබාදෙන පුද්ගලයන්ට මුදල්මය ත්‍යාග පිරිනැමීමට කටයුතු කරන බවද හෙතෙම පවසා සිටියේය.
ඒ අනුව
0112580518, 0112 058552, 0112081040 නව දුරකථන අංක වන අතර,0112081044, 0112588499නව ෆැක්ස් අංක වෙයි. එමෙන්ම නව විද්‍යුත් ලිපිනයන් ලෙස[email protected], [email protected]යන ඒවා භාවිත වෙයි.
මෙම තොරතුරු ලබාගැනීම විශේෂ කාර්ය බළකා මූලස්ථානයෙන් ස්ථාපිත කර තිබෙන විශේෂ මෙහෙයුම් මැදිරියක් හරහා සිදුකරනු ලබයි.
popular news
-
ජනිත් සංකල්ප Tuesday, 21 March 2023 07:29 PM
බත්තරමුල්ල රොබට් ගුනවර්දන මවත පදිංචිව සිටින ප්‍රදාන පෙලේ පාතාල සාමාජිකයකු වන කුරුප්පුගෙ චතුරංග පුශ්ප කුමාට නොහොත් බන්ටි යන අන්වර්ත නාමයෙන් හදුන්වන මොහු දැනය ඩුබායි රාජයේ සැගව සිට බත්තරමුල්ල සහ ඒ ආසන්න ප්‍රදේශ රැසකගේ මත්ද්‍රවය ජාවාරම ඉතා සූක්ශම ලෙස ඔහුගේ සහෝදරයා වන දයාන් මදුරංග මෙන්ඩිස් වන ඔහු සහ බන්ටිගේ නැන්ද වන චන්ද්‍රිකා යන ගැහැනිය විසින් ඉතා සූක්ශම ලෙස මත්ද්‍රවය ජාවාරම පවත්වාගෙන යයි. ඉහත සදහන් බන්ටි යන ඔහු කලුතර එතන මඩල ප්‍රදේශයේ දී බන්දනාගාර බස් රත වලට වෙඩි තබා එහි රැදව්ම් බාරයේ සිටි රනාලේ සමයං නැමැති පාතාල සාමාජිකයවද මරා දැම්මේය. මේ පිලිබද ඉතා ඉක්මනින් කුමන හෝ පියවරක් ගනුමෙන් ඉල්ලමි .කිමද මොහුන්ගෙන් මත්ද්‍රව්‍ය ගැනීමට පැමිනෙන් අනෙත් ජාවාරම් කරුවන් පැමිනි විට ඔහුන්ගේ වාහන අපගෙ ප්‍රදාන ගේට්ටුව ඉදිරිපිට ගාල් කර නවතා තබා අප එය ඉවත් කරන්න කිව්වම එයාල අපල මැර බලට පෙන්වනව මේ පිලිබදව වහා තීරනයක් ගන්න කියා ඉතා කාරුනිකව ඉල්ලා සිටිමි.
Reply : 3 8
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

