මත්ද්‍රව්‍ය මැඩීමට විශේෂ ඒකක
මත්ද්‍රව්‍ය හා අපරාධකරුවන් මර්දනය කිරීම සඳහා පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය එක්කර හදිසි ප්‍රතික්‍රියා දැක්වීමට විශේෂ ඒකක පිහිටුවන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.
අද (03)ට යෙදී තිබෙන පොලිස් දින සැමරුමට සමගාමීව පැවැත් වූ සර්වාආගමික කටයුතුවලින් පසු හෙතෙම මේ බව සඳහන් කළේය.
මෙම පිරිස් විශේෂ පුහුණුවකට ලක්කර පළමුවෙන්ම බස්නාහිර හා දකුණු පළාත්වල පොලිස් ස්ථාන 25කට මෙම කණ්ඩායම අනුයුක්ත කරන බවත්, මෙහි දෙවැනි අදියර යටතේ පොලිස් කොට්ඨාස 32කට මෙම කණ්ඩායම් යොදවන බවත් පොලිස්පතිවරයා මෙහිදී සඳහන් කළේය.

popular news
-
ravi Tuesday, 04 September 2018 12:20 PM
අපගේ ස්තුතිය සහ සාර්ථක ප්‍රතිපල සඳහා .. සුබපැතුම් .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
