මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට විරුද්ධව පාරට බැස ඇති සියලූ පිරිස් එරෙහි වී ඇත්තේ යහපත් රටක් ගොඩනැගිමේ වැඩපිළිවෙළට බව ජනාධිපතිතුමා පවසයි.
මිනිමැරුම්, මංකොල්ලකෑම්, ස්තී්රදූෂණ, බරපතළ අපරාධ සියල්ල පිටුපස තිබෙන්නේ මත්ද්‍රව්‍ය වන අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදිය යුතු බවට තීරණය කළේ මතු පරපුර වෙනුවෙන් යහපත් රටක් ගොඩනැඟිමට බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේ අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ ඌව පළාත් ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලද පූජ්‍ය ගල්ගොඩගම සෝභිත නායක ස්වාමින් වහන්සේ වෙත අක්තපත්‍ර පිළිගැන්වීම වෙනුවෙන් අද (01) පෙරවරුවේ පැවති පුණ්‍ය මහෝත්සවය අමතමිනි.
මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ දියුණු රටක් යනු භෞතික සම්පතින් පමණක් සංවර්ධනය වූ රටක් නොව විනයවත් සහ ගුණවත් මිනිසුන් ජීවත්වන යහපත් රටක් බවයි.
අධ්‍යාත්මික සංවර්ධනයෙන් යුත් යහපත් මිනිසුන් ජීවත්වන රටක් ගොඩනැගීමට මහා සංඝරත්නය අතීතයේ සිට ඉටු කළ මෙහෙවර මෙහිදී කෘතවේදීව සිහිපත් කළ ජනාධිපතිතුමා කියා සිටියේ සුම්බුද්ධශාසනය සුරක්ෂිත කිරීමේ වගකීම ඉටුකරනවා සේම මහා සංඝරත්නය පෝෂණය කිරීමේ සහ ආරක්ෂා කිරීමේ වගකීම ඉටුකිරීමට ද රාජ්‍ය ප්‍රතිපත්තිය අනුවම කැපවී සිටින බවයි.
සමස්ත ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහ ලේඛකාධිකාරී පණ්ඩිත ආචාර්ය පූජ්‍ය පල්ලේකන්දේ රතනසාර අනුනායක ස්වාමින් වහන්සේ, ඌව මඩකලපුව තෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කහත්තේවෙල සිරි නිවාසාභිධාන නායක ස්වාමින් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය ද, හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ආණ්ඩුකාර රජිත කීර්ති තෙන්නකෝන්, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරුන් ඇතුළු පළාතේ දේශපාලන නියෝජිතයන් රැසක් සහ සැදැහැවතුන් මෙම උත්සවයට එක්ව සිටියහ.
