මත්ද්‍රව්‍යයට විරුද්ධ නොවීම පසුගිය ආණ්ඩුව පෙරළීමට හේතුවක්
පසුගිය ආණ්ඩුව පෙරළීමට දුම්වැටි - මත්ද්‍රව්‍ය විරෝධී වැඩපිළිවෙළට එම ආණ්ඩුවේ නායකයන් සහය නොදීම එක් හේතුවක් වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අරලියගහ මන්දිරයේදී අද (01දා) පෙරවරුවේ පැවැති ජාත්‍යන්තර දුම්වැටි මත්විරෝධී දින සැමරුමේ විශේෂ කොඩි අලෙවි සතිය අරඹමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.
"ගිය ආණ්ඩුවේ හිටපු සෞඛ්‍ය ඇමතිතුමා දුම්පානය වළක්වන්න නීති ඉදිරිපත් කරමින් සකස් කළ නීති කෙටුම්පත ඒ ආණ්ඩුව පිළිගත්තේ නෑ. ඒ නිසා එතුමා ඉල්ලා අස්වෙලා පොදු අපේක්ෂකයා වීමෙන් විශාල ආණ්ඩු පෙරළියක් සිදුවුණා. ආණ්ඩු පෙරළියට දුම්වැටි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් එම නායකයන් අනුගමනය කළ ප්‍රතිපත්ති හේතු වුණා" යැයි හෙතෙම පවසා සිටියේය.
මේ අවස්ථාවට පොළොන්නරුව රාජකීය විද්‍යාලය, තිස්සමහාරාම මහසෙන්පුර විද්‍යාලය හා කොළඹ දේවිබාලිකා විද්‍යාලය නියෝජනය කරමින් පාසල් සිසුහු එක්ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

