මොඩෙර්නා ඇමෙරිකාව තුළ ප්‍රථම එන්නත අද ලබාදේවිලු
කොවිඩ්-19 වෛරසයට එරෙහි මොඩෙර්නා එන්නත සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ (CDC) ප්‍රතිශක්තිකරණ පිළිවෙත් පිළිබඳ නියෝජිත කමිටුව නිර්දේශ කිරීමත් සමග එම නිර්දේශය එම මධ්‍යස්ථානයේ අධ්යක්ෂ වෛද්‍ය රොබට් රෙඩ්ෆීල්ඩ් විසින් පිළිගෙන තිබේ.
මොඩෙර්නා එන්නතද එක්සත් ජනපදය තුළ පරිපාලනය කිරීමට මෙම පියවර සමග අවස්ථාව සැලසෙන අතර, එමගින් රටේ එන්නත් සැපයුමට තවත් එන්නත් මාත්‍රා මිලියන ගණනක් එකතු වනු ඇතැයි අපේක්ෂා කෙරෙන්නේ, දැනට ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත පමණක් බෙදාහැරීම සිදුවන නිසාය.
සෙනසුරාදා CDC හි ප්‍රතිශක්තිකරණ පිළිවෙත් පිළිබඳ නියෝජිත කමිටුවේ සාමාජිකයන් එන්නතේ නිර්දේශයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.
සිකුරාදා එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) විසින් මෝඩෙර්නා කොවිඩ්-19 එන්නත සඳහා හදිසි භාවිත අවසරයක් ලබාදෙන ලදී.
මොඩෙර්නා සිය එන්නත ඊයේ (20දා) සිට නැව්ගත කිරීම ආරම්භ කළ අතර, අද (21දා) උදෑසන පළමු එන්නත ලබාදීම අපේක්ෂා කර තිබේ.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

