මඩකලපුව දිස්ත්‍රික්ක මහා ලේකම්තුමාගේ නියෝගය මත මඩකලපුව දිස්ත්‍රික්කයේ නීති විරෝධී ලෙස මුද්‍රා නොතබන ලද මිනුම් කිරුම් යන්ත්‍ර භාවිතා කළ ව්‍යාපාරිකයින් 15කට නඩු පවරා ඇති බව මිනුම් ඒකක ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව පවසා ඇත.
ඊයේ (2) හා අද (3) මඩකලපුව එරාවුර් කාත්තාන්කුඩ් ආරයන්පති ඔට්ටමාවඩි වාලච්චේනයි ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල, කොට්ඨාසවල බේකරි, සතිපොළ ස්වර්ණාභරණ විකිණීම් මධ්‍යස්ථාන, සිල්ලර කඩ ඇතුළු ව්‍යාපාරික ස්ථාන 150 ක් වටලා ඇත.
මුද්‍රා නොතබන ලද තරාදි මිණුම් යන්ත්‍ර ඉලෙක්ට්‍රොනික් තරාදි යනාදී භාවිතා කළ අඩු බර පාන් විකුණන ලද 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන එරාවුර්, මඩකලපුව, වාලච්චේන උසාවිවල නඩු පවරා ඇත.
මඩකලපුව - ටි එල් ජව්ෆර්කාන්
