මගේ පක්ෂයේ කලු බැටලුවෝ ඉන්නවා - රවී
එක්සත් ජාතික පක්ෂයේ උප නායක, අමාත්‍ය රවී කරුණනායක මහතා අද පෙරවරුවේ මහවත්ත ශාන්ත අන්තෝනි සිංහල පාසලේ පැවැති උත්සවයකදී එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස් සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කළේය.
“බැදුම්කර වංචාව සම්බන්ධයෙන් පසුගිය වකවානුවේ මට එල්ල වූ චෝදනා හමුවේ මට පමණක් නොවෙයි, මාගේ බිරිදට දරුවන්ට පවා අසාධාරනකම් සිද්ධ වුනා. අසාධාරණ ලෙස චෝදනා එල්ල කළා. මේක වැඩකරන දේශපාලඥයෝ නැති කරන්න, කුහක දේශපාලඥයෝ විසින් කරපු දෙයක්. මේකට වැඩියෙන්ම දායක වුණේ අපේ පක්ෂයේ අය තමයි.
අද සාධාරණය ඉෂ්ඨ කරලා, සැබෑ තත්ත්වය හෙලිදරව් වෙලා තිබෙන්නේ. කයිවාරුවයි ක්‍රියාවයි කියන්නේ දෙකක්. මේ අවස්ථාවේ කතාවෙන් නොවෙයි ක්‍රියාවෙන් මම සැබෑ තත්ත්වය ඔප්පු කරලා තිබෙන්නේ. මාගේ නිර්දෝෂීභාවය පෙන්නුම් කරන්න අවස්ථාවක් උදාකිරීම සම්බන්ධයෙන් මම දෙවියන්ට සහ ජනතාවට ස්තුතිවන්ත වෙනවා.
මගේ පක්ෂයේ කළු බැටළුවෝ ටිකක් ඉන්නවා. ඒ අයට මේක හොද පාඩමක්. පක්ෂය සුද්ධ කරන්න පටන්ගත්ත ගමනක ආරම්භය හැටියට මට මේක පෙන්වා දෙන්න පුළුවන්. දක්ෂයෝ නැති කරගෙන අදක්ෂයෝ මුල්කරගෙන කටයුතු කරන්න නෙමෙයි අවශ්‍ය වන්නේ. අපට අවශ්‍ය වන්නේ අපේ ජනතාව ජයග්‍රහණය කරවන්නයි.
මට කණගාටු එක දෙයක් ගැන පමණයි. මම මුදල් අමාත්‍ය ධූරය බාරගෙන කරගෙන ගිය ක්‍රියාවලිය දිගටම කළානම්, අද රටට මේ වගේ ගැටළු ඇතිවන්නේ නැහැ. මම වගකීමේන් ආඩම්බරයෙන් කියන්නේ, මම ආසියාවේ හොදම මුදල් ඇමති බවට පත්වුණේ නිකන් ඉදලා නෙමෙයි.
පැය ගණන් වැඩකරලා, අහිංසක ජනතාව ජයග්‍රහණය කරවලයි. ඒ එදා මම කරපු කාර්යභාරය නැවත ඇති කළ යුතුයි. මම අභියෝග කරනවා දැන් ඉන්න අයට, ඒ දේවල් ඒ ආකාරයෙන්ම කරන්න කියලා. එහෙම බැරිනම්, කරන්න පුළුවන් අයට බාරදෙන්න.
විෂයභාර අමාත්‍යවරවයා වශයෙන් මම වගකීමෙන් කියන්නේ විදුලිබල ක්ෂේත්රයේ ඇතිකරගත් කිසිම ගිවිසුමක් මම අහෝසි කරලා නැහැ. කව්රුහරි එහෙම මට චෝදනා කරනවානම්, මට ඒක සාක්ෂි ඇතිව ඔප්පු කරලා පෙන්වන්න.
ලංකා විදුලිබල මණ්ඩලයත් නැති කරලා, අහිංසක ගෘහස්ත විදුලි පාරිභෝගිකයාගෙ විදුලි බිලත් වැඩිකරන්න හදන කුහකයෝ දෙතුන් දෙනෙක් තමයි මේ වගේ බොරු ප්‍රචාරයන් පතුරවන්නේ. විදුලිබල ඇමති වශයෙන් පමණක් නොවෙයි ආණ්ඩුවක් වශයෙන් අපි ඒ වගේ කුහකයන්ට කුහක වැඩ කරන්න ඉඩ දෙන්නෙ නැහැ.
සමස්තයක් වශයෙන් මේ රටේ ජනතාවට යම් දෙයක් කරනවා මිසක්, එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ වාසි තකා අපි වැඩ කරන්න දෙන්නේ නැහැ. අසත්‍ය ප්‍රචාර පතුරවන අය කියන්නේ අපි සූර්ය විදුබල ව්‍යාපෘති නවත්වන්න හදනවා කියලා. නමුත් අපි සූර්ය විදුලිබල ව්‍යාපෘති 500% කින් වර්ධනය කරන්න කටයුතු කරලා තියෙනවා.
මම මාධ්‍යයටත් කියන්නේ ඒ කියන ආකාරයට මම යම් ගිවිසුමක් අවලංගු කරලා තිබෙනවානම් ඒ බව මට සාක්ෂි ඇතිව පෙන්වන්න.ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් නොමැති පුද්ගලයෙකුට මේ රටේ දේශපාලඥයෙක් වෙලා, දේශපාලනය කරන්න පුළුවන්ද. ලෝකයේ බහුතරයක් ජීවත් වුණත්, ශ්‍රී ලාංකික අනන්‍යතාවක් නොමැති කෙනෙක් කිසිසේත් ශ්‍රී ලාංකික ජනතාව සමග එකට ගමන් කරන්නේ නැහැ.
අපි අපේ රටේ සංස්කෘතිය ආරක්ෂා කළ යුතුයි. වෙනත් රටවලින් මෝස්තර අරගෙන මේ රටේ ඇලවීම නෙමෙයි අපට අවශ්‍ය වන්නේ. ශ්‍රි ලාංකික අනන්‍යතාවය සුරැකෙන ආකාරයෙන් සතුටින් සමගියෙන් ජීවත්වීමේ පරිසරයක් ඇතිකිරීමයි අපට අවශ්‍ය වන්නේ.
රටක ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් වුණාම තමන්ගේ නිල රාජකාරි වෙනුවෙන් විදේශගතවීම සාමාන්‍ය දෙයක්. ලංකාවේ නැතිව විදේශ රටවල ජීවත්වුණ අයට මේවා ගැන අවබෝධයක් නැහැ. විදේශයකට ගියොත් අහනවා ඇයි ගියේ කියලා. නොගියම අහනවා ඇයි නොයන්නේ කියලා. මේක තමයි තත්ත්වය. මේ තත්ත්වය තමයි මේ රටට තිබෙන හෙනය. වැඩ කරන අයට වැඩක් කරන්න දෙන්නේ නැහැ. කුහකත්වයෙන් චරිත ඝාතනය කරන්න”

popular news
-
yasmin gunasekera Friday, 14 June 2019 09:05 PM
ඔබට කිසි දෙයක් මතක් නැනේ අපට අමතක නෙතේ
Reply : 0 0
lion Saturday, 15 June 2019 06:25 AM
ඔබ කවරෙක්ද යන්න අද කුරුත් දන්නවා .ඇලෝසියස් ලගේ සල්ලි වලින් කුලී ගෙවපු බව දන්නවා .ඔබල වගේ ය තමි මෙරට විනාස කලේ. කරුණාකර දේශ පාලනයෙන් ඉවත් වන්න. තමන්ගේ business කරගෙන යන්න.
Reply : 0 0
janahitha Saturday, 15 June 2019 09:54 AM
ශ්‍රීලන්කන් ගුවන් යානා ගෙන්වීම අවලංගු කල පසු වන්දි ගෙවන්න සිදු උන කොටි 67 පොරොන්දුවේ 76 ගෙවුවලු මේ චෝදනාව කලේ පක්ෂයේම නායකයෙක් මහජන මුදල් නේද මහත්මය අලුත් ගුවන් යානා ගෙන්වුව නම් අපිත් ආඩම්බරයෙන් ගම රට එනව දැන් මොකද වෙලා තියෙන්නේ
Reply : 0 0
Nandana Sunday, 16 June 2019 11:18 AM
උන් බැටළුවෝ එතකොට UNP එකේ කොටළුවා කව්ද ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

