මගී ජනතාව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කිරීමට වැඩසටහනක්
බස් රථ හා දුම්රියෙන් ගමන් ගන්නා මගී ජනතාව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කිරීමේ වැඩ පිළිවෙළක් වහාම අරඹන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.
කොරෝනා වෛරසය සම්බන්ධයෙන් තවමත් ශ්‍රී ලංකාවේ බිය විය යුතු තත්ත්වයක් උදා වී නොමැති නමුත් මෙම රෝගය නොසළකා සිටීමට නොහැකි රෝගයක් බැවින් එම රෝගය වළක්වා ගැනීම සම්බන්ධව සෑම අංශයකම අවධානය යොමු විය යුතුව ඇතැයිද ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා ඊයේ (31) පස්වරුවේ හම්බන්තොට මුස්ලිම් මහ පල්ලියේ පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.
මගීන් වැඩි පුර ගැවසෙන දුම්රිය හා බස් රිය ආශ්රිත ව ගමන් ගන්නා මගී ජනතාව අතර කොරෝනා වෛරසය පැතිරීම වළක්වා ගැනීම අරමුණු කර ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ද සහයෝගය ඇතිව විශේෂ වැඩ පිළිවෙළක් අරඹන්නැයි අමාත්‍යවරයා දුම්රිය හා බස් රථ බලධාරින්ට උපදෙස් දී තිබේ.
ඒ අනුව ලබන සතියේ අදාල බලධාරින් ප්‍රවාහන අමාත්‍යාංශයට කැඳවා බස් රථ වල හා දුම්රියවල දිනපතා විශාල තදබදයක් සහිතව මගී ජනතාව ගමන් කරන බැවින් එම ජනතාව මෙම වෛරසය ආසාදනයෙන් වළක්වා ගැනීමේ විශේෂ වැඩ පිළිවෙළක් ඇරඹීමට කටයුතු යොදන ලෙස ද අමාත්‍යවරයා නිලධාරින්ට ඊයේ උපදෙස් දුන්නේය.
දැනට අපේ රටේ කිසිදු අයෙකුට මෙතෙක් කොරෝනා වෛරසය වැළඳි ඇතැයි වාර්තා වී නැති නමුත් අවධානමට පෙර සූදානම වැදගත් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
-
rana Saturday, 01 February 2020 10:35 AM
මේ මනුස්සය මේ කොහේ ගොහින්ද ? මොනාද මේ කියවන්නේ ? අපොඉ චන්දෙ ගන්න කට පුපුරන්න කියවනවා ? මන්ත්‍රී කමට තියන අසාව ? අපේ දුම්රියකට එක කොරෝන රෝගියෙක් නැග්ගොත් 500 විතර බෝවී එලියට බහි නේ ? ඕක නොදන්නේ කව්ද ? මොන කරන්නද යන්නත් එපඊ, අපට කොහෙද සිතල වාහන ? අපට පුතේ මගක් නැතේ කියන්න විත්රමි ඉතුරු වෙලා ඇත්තේ .
Reply : 0 0
Don Sunday, 02 February 2020 07:58 AM
බස් එකේ කෝච්චියේ යන මහජනතාවට අඩුම තරමේ මුඛ වැස්මක්වත් ලබාදෙන්න, නොමිලේ CD දෙනවා වගේ.
Reply : 0 0
අසරණ බස් මගියා Sunday, 02 February 2020 10:29 AM
ඉතා හොඳ අදහසක්, ඒ වගේම මගි ජනතාවගේ කං දෙක බේරගන්න - බස්වල කං පැලෙන "බස්-සිංදු" කියන වසංගතය ද නවත්වන්න! පිං සිද්ධවෙයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

