මේක මට අහම්බෙන් ලැබුණ දෙයක් - ෂම්මි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහාපති තනතුර තමන් පත්වූයේ අහම්බයකින් බවත් ඊයේ දහවල් තමන ක්‍රිකට් සභාපති තනතුරට තරග කිරීමට තීරණය කළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපති ෂම්මි සිල්වා මහතා පැවැසීය.
අද පැවැති නිලවරණයෙන් පසුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවැසීය.
“මෑත ඉතිහාසයේ මේ වගේ හොඳ නිලවරණයක් පැවැත්වූවා කියා මගේ මතකයේ නෑ. මට කතා කරන්න බෑ. මේක මට අහම්බෙන් ලැබුණ දෙයක්.ඊයේ දවාලේ මට ලැබුණ දෙයක්. මෙතුමා (මොහාන්ද සිල්වා) තමයි මේකේ සභාපති වෙන්න හිටපු එක්කෙනා. මම දන්නේ නෑ මොන දෛවයක් තිබිලා මේක ලැබුණද කියලා. කාගෙත් එක්කවත් කිසිම තරහක් නෑ. ඇමතිතුමාගේ සහායත් ඇතිව ලංකාවේ ක්‍රිකට් උඩට ගන්න තමයි මගේ කමිටුවේ බලාපොරොත්තුව.
අපි කාත් එක්කවත් වෛරය පිරිමහා ගන්න බලාපොරොත්තු නෑ. මේක මැච් එකක් ගහලා එක පැත්තක් දිනලා තව පැත්තක් පරාජයට පත්වුණා. ක්රීඩකාගාරයට ගියාට පස්සේ ඔක්කොම ඉදලා සහයෝගයෙන් වැඩ කරන්න තමයි බලාපොරොත්තු වන්නේ. මම ක්‍රීඩා කර තිබෙනවා. මේක ඉසව්වක් පමණයි. ලංකාවේ ක්‍රිකට් හිනිපෙත්තමට නැගීමට කටයුතු කරනවා.”

popular news
- 
                            Don Thursday, 21 February 2019 07:41 PM දැන්වත් බුකිකාරයාගේ අල්ලේ නටවන්න දෙන්නේ නැතුව වැඩදායක පාලනයක් තමයි ජනතාවගේ බලාපොරොත්තුව. Reply : 0 1 Champa Friday, 22 February 2019 05:01 PM තව ඔහොම තමන්ට තනතුර ඇහෙම්බෙන් ලැබුන කියපු කෙනෙක් හින්ද මුළු රටම අගාධෙට ගියා සහ තවමත් නොනැවතී යමින් පවතිනවා කියන එකත් මතක් කරන්න කැමතියි. ඒ හින්ද ඒක ආදර්ශෙට අරන් වැඩ කරයි කියලා හිතනවා. Reply : 0 1 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                