සෞදියේ මක්කම, හජ් වන්දනාවට ගොස් නැවත පැමිණෙමින් සිටි මාලදිවයින් ජනපති අබ්දුල්ලා යමීන් රැගත් බෝට්ටුවක සිදුවූ පිපිරීමකින් ජනපති ආර්යාව ඇතුළු තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
කෙසේ වෙතත්, මෙම අනතුරින් ජනාධිපතිවරයාට හානියක් සිදුව නොමැති අතර, පිපිරීමට හේතුව මෙතෙක් පැහැදිලිව වාර්තා වී නොතිබුණි.
මාලේ අගනුවරට ගුවනින් පැමිණි ජනාධිපතිවරයා ප්රමුඛ පිරිස තොටුපොළින් බෝට්ටුවට නැග ගමන් ඇරඹීමට සූදානම් වෙද්දී මෙම පිපිරීම සිදුව ඇත.
එමෙන්ම, අදාළ පිපිරීම මීටර් 100 ගණනක් දුරට ඇසුණු බවත්, එය තරමක විශාල පිපිරීමක් බවත් එරට රජයේ මාධ්‍ය පවසයි.