මංතීරු නීතිය දැඩිය ක්‍රියාත්මක කරනවා
මංතීරු නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේක මහතා පවසයි.
ඒ අනුව හෙට සිට දිවයිනේ ප්‍රධාන නගර තුළ මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ වෙනුවෙන් සති දෙකක සහන කාලයක් රියදුරන්ට ලබාදෙන බවත් ඉන් අනතුරුව එම නීතය දැඩිව ක්‍රියාත්මක කරන බවත් ඔහු පැවැසීය.
මේ හරහා මාර්ග විනය ඉහළ යන බවත් ඒ අනුව රිය අනතුරු අවම වීම, රථ වාහන තදබදය අවමවීම සිදුවන බවත් ඔහු ප්‍රකාශ කළේය.
මෙය අධ්‍යනය කිරීමට සිවිල් ඇඳුමින් සැරසුණ පොලිස් නිලධාරීන් සේවයේ යොදවන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

popular news
-
Kumar Saturday, 01 June 2019 07:53 PM
මංතීරු ගැන කතාව විතරයි. සෑම මන්තිරුවක්ම අවම වශයෙන් අඩි 10ක් පමණ වෙන්න ඕනෙ. මංසන්දියක රතු එලියට වාහන නතරකල විට එම මංසන්දියේ ඉදිරියෙන් තිබෙන වාහන ගණන මංතීරු ගනනට සමවෙන්න් ඕනෙ. කුරුණෑගල නාවින්න හන්දියට ගිහිල්ල බලන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

