මංගල සමරවීර නම ඉවත් කරන්න ආ යෝජනාව සම්මතයි
“මංගල සමරවීර පෙදෙස”යන තම ගමේ පාරේ නම ඉවත් කර ඒ වෙනුවට “ලිදගාවවත්ත මාවත”යන නම යොදන ලෙසටකිරින්ද ප්‍රදේශයේ ගමක පදිංචිකරුවන් පිරිසක් විසින් කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාව වෙත ඉදිරිපත් වු යෝජනාවක් අද (11) වැඩි ඡන්ද තුනකින් ජයග්‍රහණය කළේය.
ඒ අනුව අදාළ යෝජනාව සභා සම්මත කෙරිණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සභාපති සනත් හෙට්ටිආරච්චි, මන්ත්‍රීවරුන් වන ශාන්ත රාජපක්ෂ,බර්ටි සමරසිංහ,විමලසිරි රුවන්පතිරණ,සිරිසේන විජේසිංහ,අනිල් වීරකෝන් හා අශෝකා වික්‍රමසිංහ යන මන්ත්‍රීවරුන් හත් දෙනාම එම යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන්නේය.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් වන බන්දුල මොහොට්ටාල,ක්‍රිෂාන් ජයසේකර හා ගංගා මධුෂානි විමල ගුණසේකර යන මහත්ම මහත්මීන් තිදෙනා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී අනිල් කරුණානන්ද මහතා පමණක් එම යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය. ඒ අනුව විරුද්ධව ලැබුණු ඡන්ද සංඛ්‍යාව හතරකි.
අදාළ ගම්මානයේ පදිංචි ජනතාව අත්සන් 110කින් යුත් පෙත්සමක් එම ප්‍රාදේශීය සභාවේ සභාපති සනත් හෙට්ටිආරච්චි මහතා වෙත ඉදිරිපත් කරමින් ඉල්ලා තිබුණේ “මංගල සමරවීර පෙදෙස”යන නම ඉවත් කර ඒ වෙනුවට “ලිදගාවවත්ත මාවත “යන නම ලියාපදිංචිකර දෙන ලෙසයි.
කෙසේ වෙතත් වැඩි ඡන්දයෙන් සම්මත වු එම යෝජනාව ඉදිරි කටයුතු සඳහා දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා වෙත යොමු කරන බව කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සනත් හෙට්ටිආරච්චි මහතා පැවසීය.

popular news
-
Champa Tuesday, 11 June 2019 04:56 PM
හා හා හා හා හා
Reply : 0 0
kalpana rajapaksha Tuesday, 11 June 2019 05:24 PM
මේවාගේ පහත් නුගත් අද බොලද වැඩ කිරීම 8පාස් නැති අයගේ වැඩ.මේකත් අර පිපිලා තවම නැති අයගේ වැඩක් වෙන්න ඇති.පිපිලා අවාම මොලේ පෑදෙයි කියලා හිතනවා.පෙරේදා වෙනකොට .
Reply : 0 0
කපිල Tuesday, 11 June 2019 05:53 PM
මංගල සමරවීර කියන නම පමණක් නොව එම නම භාවිතා කරණ පුද්ගලයාද රටින් පිටුවහල් කලයුතුය
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

