මංගල දේශපාලනයෙන් ඉවත් වෙන්නේ නෑ - මාධ්‍ය ඒකකය
එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය මංගල සමරවිර මහතා දේශපාලනයෙන් සමුගන්නා බවට පැතිරියන කතාවල සත්‍යතාවයක් නොමැති බව ඒ මහතාගේ මාධ්‍ය ඒකකයේ ප්‍රකාශකයෙකු ‘‘අද’’ ට පැවසිය.
එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණයේ ලැබු පරාජයත් සමගම සමාජ මාධ්‍ය ඔස්සේ මංගල සමරවිර මහතා දේශපාලනයෙන් සමුගන්නා බවට විවිධ ප්‍රකාශ කර තිබු අතර ඒ සම්බන්ධයෙන් කල විමසිමකදි එතුමාගේ මාධ්‍ය ඒකකයේ ප්‍රකාශකයෙකු තවදුරටත් මෙසේ පැවසිය.
‘‘ මංගල සමරවිර හිටපු අමාත්‍යවරයා දේශපාලනයෙන් සමුගන්නා බවට විවිධ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර මේ දිනවල ප්‍රචාරය වෙනවා. මංගල මහත්තයා දේශපාලනය ආරම්භ කළ දවසේ ඉදලම ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් සිදු කළේ, එය විපක්ෂයේ කෙනෙක් වුණත් පිළිගන්න දෙයක්. එතුමා පාර්ලිමේන්තු දේශපාලනයෙන් නම් සමුගන්නවා කියලා තිරණය කරලා තිබුණා. ඉදිරියේදි එය වෙනස් වෙයිද දන්නෙ නැහැ. මංගල සමරවිර කියන්නේ දේශපාලන සත්වයෙක් ’’ යැයි පැවසිය.

popular news
-
සංජීව Friday, 29 November 2019 10:17 AM
අපි එයාව ඉවත් කරලා දාන්නම්. රට විනාශ කරන්න ආපසු ඉඩ දෙන්න බැහැ.
Reply : 0 1000
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

