උපවාසයක නිරත වූ අතුරුලියේ රතන හිමියන් බැහැ දැකීමට යෑමට අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් මහනුවරට යෑමට විරෝධය පළකරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නිකුත් කළ ට්විටර් පණිවිඩය පිළිකුළින් යුතව හෙළා දකින බව කොළඹ අගරඳගුරු පදවි කතෝලික පූජක සංසදය පවසයි.
එහි ලේකම් ජූඩ් ෆ්‍රීලි මුතුකුඩආරච්චි පියතුමාගේ අත්සනින් යුත් නිවේදනයක දැක්වෙන්නේ මංගල සමරවීර මහතාට දැඩි විරෝධයක් ප්‍රකාශ කරන බවයි.
