භූගත පරික්ෂණ සිදු කළ හැකි ගුවන්යානයක් ශ්‍රි ලංකාවට
ශ්‍රී ලංකාව පුරා මහත් ආන්දෝලනයකට ලක්ව ඇති දකුණු අප්‍රිකාවට අයත් ස්පෙක්ට්‍රම් ගුවන් යානය ඉකුත් ඊයේ (7) දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙය දකුණු අප්‍රිකාවේ ලියාපදිංචි කර ඇති ස්පෙක්ට්‍රම් එයා ප්‍රොපටි ගුවන් සමාගමට අයත් එච්.සී.- 47 වර්ගයේ ගුවන් යානයකි.
මෙම ගුවන් යානය අඩි 10,000 ක් පමණ පහතට ගැනීමෙන් පසු , පියාසලන අතරතුරම , පොළව අභ්‍යන්තරයේ මීටර් 800 ක් ගැඹුරට ප්‍රදේශය ස්කෑන් පරීක්ෂාවකට ලක් කළ හැකි වර්ගයේ ගුවන් යානයක් බව සදහන් වේ .
මෙම ගුවන් යානා සමාගම සතුව තවත් මෙවැනි ගුවන් යානා රාශියක්ම ඇති අතර , ඔවුන් මේ ආකාරයට විවිධ රටවලට ගොස් භූ ගර්භ පරීක්ෂාවන් සිදු කරන ආයතනයකි .
මෙම ගුවන් යානයෙහි කාර්යය මණ්ඩලය ලෙස තිදෙනකු පැමිණ ඇති අතර , ඔවුන් මේ වනවිට විවේක ගැනීම සදහා රට අභ්‍යන්තරය වෙත ගොස් තිබේ .
මෙම ගුවන් යානය අවශ්‍ය ඉන්ධන ලබා ගෙන 7/09 දින , පිලිපීනයේ මැනිලා නුවර වෙත පිටත්ව යෑමට නියමිතය .
මේ අතර දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රැම්පෝසා මහතා , ජපානයේ පැවති ජී.- 20 සමුළුවට සහභාගී වීමට යන අතරතුර දෙවරක්ම ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ගොස් තිබුණි .
කටුනායක - ටි.කේ.පි කපිල

popular news
-
Champa Monday, 08 July 2019 08:58 PM
දැන් නම් මේ ඉඩම් පනතට විරුද්ධව මහජනතාව මහපාරට බහින්න ඕනේ වැඩේ දුරදිග යන්න කලින්. දැන් ආපහු ජනාධිපතිවරණ අපේක්ෂකයෝ ගැන කතා ඇදගෙන එන්න මේ වැඩේ යට ගහන්න. අපේ රටේ භූගත සම්පත් හුඟක් තියෙනව, මේ හදන්නේ ඒ වටින කියන ඉඩම් ඔක්කොම තෝරාගෙන විදේශිකයන්ට අයිති කරගන්න. විපක්ෂය කියල එකක් තියෙනවා. තනිකරම වහල් ආණ්ඩුව විපක්ෂය අල්ලේ නටවනවා.මේ දවස් වල විපක්ෂය ජනාධිපතිවරණ අපේක්ෂයෙක් ගැනයි වහබ්වාදය ගැනයි කතා කරන්න පටන් අරන්. වහබ්වාදයේ බලපෑම මට දැන් තේරෙන හැටියට තියෙන්නේ මුස්ලිම්වරුන්ටමයි. ඒක එවුන් බලා ගනියි. දැන් රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ ඇමරිකන් ගිවිසුම් ටිකයි MCC සල්ලි වලට රටේ ඉඩම් ටික විදේශිකයන්ට දෙන එකයි. වහාම ජනතාව පාරට ගන්න ඕනේ මීට විරුද්ධව. දැනටමත් පරක්කු වැඩියි. අනිත් එක ජනාධිපතිවරයාට මේ වෙලාවේ කරන්න තියෙන එකම සහ හොඳම දේ තමයි වහාම විදේශිකයන්ට ඉඩම් විකිණීම තහනම් කරලා ගැසට් නියෝගයක් දෙන එක. ඒක කරන්න කොන්දක් තියෙන්න ඕනේ. බය වෙන්න දෙයක් නැහැ, මේ වෙනුවෙන් මිනිස්සු එනව.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

