බොඳ වු නිදන් සිහිනය
රත්තරන් බුදුපිළිම දෙකක් සොයා දඹුල්ල ජලාශ පාර ප්‍රදේශයේ නිවසක භූගත කැණිම් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු 05 දින අලුයම සැකපිට දඹුල්ල පොලීසිය අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම නිවසේ හිමිකරු සහ තවත් අයෙකු බව පොලීසිය කියයි .
අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා 70 හැවිරිදි සහ 80 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකු බව පොලීසිය පවසයි.
කාලයක් තිස්සේ ඉතා සූක්ෂමව නිවසේ ඉදිරිපිට ළිඳක් හාරන මුවාවෙන් කැණීම් සිදු කොට අඩි 25ක පමණ ගැඹුරැති දෝනාවක් දිගේ නිවස තුළ ඉතා සූක්ෂම ලෙස භූගතව නිධානය හාරමින් තිබෙන බව පොලීසියට තොරතුරු ලැබී තිබිණි.
ඒ අනුව අලුයම පොලිස් නිලධාරීන් නිවස වටලන අවස්ථාවේ දී මෙම දෙදෙනා ගඩොල් කපන මුවාවෙන් අඩි 25ක පමණ ගැඹුරට හාරමින් සිටි බව පොලීසිය සඳහන් කර සිටියේය.
පොලිස් ප්‍රශ්න කිරිම්වලදී හෙළි වී ඇත්තේ නිවෙස් හිමියාට සිහිනෙන් පැමිණ යම් අයෙකු බුදුපිළිම දෙකක් මෙම ස්ථානයේ තිබෙන බව පවසා තිබෙන බවත් එම රන් බුදු පිළිම දෙක අලෙවි කොට පන්සලක් නිර්මාණය කරන ලෙස දැනුම් දී තිබෙන බවද ඔවුන් ප්‍රකාශ කොට තිබේ.
කෙසේ වෙතත් පොලීසිය සඳහන් කොට සිටියේ ඉතා සූක්ෂම ලෙස කාලයක් තිස්සේ මෙම කැණීම් කටයුතු සිදු කොට තිබෙන බවය.
මේ වන විටත් නිවස යට අඩි 25ක පමණ ගැඹුරට හාරා සම්පූර්ණයෙන්ම පස් ඉවත් කොට තිබෙන බව පොලීසිය සඳහන් කළේය.
මෙම පුද්ගලයන් සතුව තිබි අධිබලැති ගල් විදින යන්ත්‍ර දෙකක් සහ පොළොව හෑරීම සහ පස් ගොඩ දැමීම සඳහා යොදාගත් උපකරණ පූජා භාණ්ඩ රැසක් පොලිස් භාරයට ගත් බව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස් .පි . එදිරිසිංහ මහතා පැවසීය.
සැකකරුවන් සහ උපකරණ දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි.
දඹුල්ල - කාංචන කුමාර ආරියදාස

popular news
-
බන්දුල Thursday, 05 September 2019 07:10 PM
නිදන් හැරීම/නිධන් වස්තු ගොඩ ගැනීම,ලග තබාගැනීම,විකිණීම,විදෙස් රටවලට විකිනිමත් නීති විරෝධී නැහැ. නිතිවිරෝධී වන්නේ රක්ෂිතයක,පුරාවිද්‍යා ඉඩමක සිදුකරන අනවසර කැනීම්. කාටහරි මේ ගැන සැකයක් තියෙනවා නං පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේන් විමසලා දැන ගන්න පුළුවන්. හැබැයි මේ වගේ තමුන්ගේ ඉඩමක නිධානයක් තියෙනවා කියලා හිතිලා ඒක ගන්න කැනීම් සිදුකරනවා නං මුලින්ම පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට දැනුම් දීලා ඒ අයගේ අවසරය ගන්න පුළුවන් මේක පුරාවිද්‍යා වටිනාකමක් ඇති ඉඩමක් නෙමේ කියලා. ඊළගට අදාල පළාත් පාලන ආයතනයෙන්,පතල් හා භූ විද්‍යා කාර්යාංශයෙන් අවසර ගන්න ඕනි කැනීම් සිදුකරනවාට. ඉඩ පස්සේ මේක නිතිවිරෝධී දෙයක් නෙමේ. මේකෙන් හම්බෙන වස්තුව විකුනන්නත් කිසිම නීතිමය බාදාවක් නැහැ. අනික මේවයින් හම්බෙන යම්කිසි වස්තුවක් විදෙස් රටකට අලෙවි කරන්න ඕනි නං ඒකටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුමෙන්තුවේ ක්‍රමයක් තියෙනවා. ඒ අයට පෙන්නලා, ඒ අය තහවුරු කලොත් මේක විදෙස් රටකට වික්කට කමක් නැහැ, මේක ජාතික උරුම වස්තුවක් නෙමේ කියලා එව්වා හොද මුදලකට විදෙස් රටවලට විකුන්නත් කිසිම බාදාවක් නැහැ. මේ නිතිය ගැන නුගත් පොලිස් නිලධාරීන් සහ ගැමියන් දන්නේ නැහැ.
Reply : 0 0
මෙවැනි ස්ථාන ගොඩක් තියෙනවා ලකුණු සහිතව අපිට උදව් කරන්න පුළුවන් නම් මට කියන්න පුළුවන් Tuesday, 01 September 2020 10:26 AM
ඇත්තටම මෙවැනි දේවල් අපිට ලාකික මිනිස්සු හැටියට හිමිකම් තියෙනවා පරිහරණය කරන්න උදව් කරන්න කාට හරි පුළුවන් නම් ගොඩක් නිකරුනේ කඩා දානවට වඩා කෙනෙක් පල ප්‍රයෝජන ගන්න එක වටිනවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

