බේරේ වැව පිරිසිදු කිරීමට කෝටි 80ක්
රොන් මඩ ඉවත් කිරීම හා සෝදා හැරීම මගින් බේරේ වැව පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය රුපියල් මිලියන 800ක ආයෝජනයක් සහිතව ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මෙම යෝජනාව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළේය.
වර්තමානය වන විට බේරේ වැව අවට ප්‍රදේශය වාණිජමය හා නේවාසික මධ්‍යස්ථානයක් වශයෙන් භාවිත වන අතර ඒ අවට පරිසරය වඩාත් ආකර්ශනීය ලෙස සකස් කර වැව් ජල පද්ධතිය ආරක්ෂා කර ගැනීම මෙහි අරමුණයි.
මේ හරහා බේරේ වැවේ රොන් මඩ ඉවත් කිරීම, බේරේ වැවේ වාන් මඟ ප්‍රතිසංස්කරණය කිරීම, ජලයේ ගුණාත්මක බව පරීක්ෂා කිරිම හා බේරේ වැවේ ඝන අපද්‍රව්‍ය හා දූෂක පැතිරීම වැළැක්වීම අපේක්ෂා කරයි.

popular news
-
katubadde api Tuesday, 02 July 2019 09:30 AM
amathi thumo me bere vava muhudata sambanda kaloth narakada mehi sita magi pravahana katayuthu sanchraka vinoda bottu avanhal athi kaloth narakada avshya vanne me mudal yodava concrete block yoda pathi bammak vava ivure idikara vav pathula avashya lesa gambura kireema pamani van maga sampurnayenma ivath kala yuthu venava
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

