බුවනෙකබාහු රාජ්‍ය සභා ගොඩනැගිල්ල කඩා විනාශ කිරීම ගැන ජනපතිට ලිපියක්
ඓතිහාසික කුරුණැගල නගරයේ පිහිටි දෙවන බුවනෙකබාහු රාජ්‍ය සමයේ ඉදි කරන ලද අවුරුදු 700ක් පමණ පැරණි වර්තමානයේදී නාගරික සංවර්ධන අධිකාරිය හා පුරාවිද්‍යාත්මක දෙපාර්තමේන්තුව විසින් කුරුණෑගල දිස්ත්‍රික්යේ සංරක්ෂණය කලයුතු ගොඩනැගිලි 10න් එකක් වන රාජ්‍ය සභා ගොඩනැගිල්ල නගර සංවර්ධනය මුවාවෙන් කඩා ඉවත් කර ඇතැයි හෙළ බොදු සවිය සංවිධානයේ බුදුගල ජිනවංස හිමි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකරමින් පවසති.
පුරා විද්‍යාත්මක ස්ථාන අරක්ෂා කළ යුතු යුගයක එවන් වටිනාකමක් ඇති ස්ථාන කඩා විනාශ කරන්නේ කවරෙකුගේ බලපෑම මතද? යැයි ප්‍රශ්න කරන උන්වසන්සේ පෙන්වා දෙන්නේ වත්මන් බුද්ධ ශාසන අමාත්‍ය හා සංස්කෘතික අමාත්‍යවරයාද වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ දිස්ත්‍රික්කය තුල මෙවන් දෑ සිදු නොවිය යුතු බවයි.
“ඓතිහාසික උරුමයන් අරක්ෂා කරන බවට මැතිවරණ වේදිකාවේ පොරොන්දු දෙමින් පසුගිය ජනාධිපතිවරණයේදි මැතිවරණ ප්රචාරක කටයුතු සිදු කර, ඊට හාත්පසින්ම විරුද්ධ මෙවන් දෑ සිදුකිරීම ජනතාව කිසිසේත්ම බලාපොරෙත්තු නොවේ. මේ
හරහා වත්මන් රජයට ඡන්දය ලබා දුන් 69 ලක්ෂයක් වු ජනතාව පත්වන අපහසුතාවය මෙපමණයි කියාකිව නොහැකිය. ගරු ජනාධිපතිතුමනි, මෙම සිදුවීම පිටුපස සිට එයට බලපෑම් කරන දේශපාලන හස්තයන් ගැන සොයා ඊට කඩිනමින් මැදිහත්ව කටයුතු කරන ලෙස ඔබතුමන්ගෙන් ඉල්ලා සිටින අතර එම ස්ථානයේ ඓතිහාසිකත්වය සුරැකෙන ලෙස අනාගත පරපුර වෙනුවෙන් එම පුරාවිද්‍යාත්මක ගොඩනැගිල්ල නැවත ඒ ආකාරයෙන්ම ඉදි කරන ලෙස ද ඉල්ලා සිටිමි. එසේ නොකිරිමයෙන් සිදු වන්නේ ඔබතුමා බලයට පත් කිරීමට කටයුතු කළ ජනතාවට කරන අගෞරවයකි, අපහසයකි, අවඥාවට ලක්කිරිමකි.
එසේම මෙම ඵෙතිහාසික වටිනාකමක් ඇති කුරුණෑගල රාජ සභා මණ්ඩපයට ආරක්ෂාව තහවුරු කරන ලෙස පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා සහ පොලිස්පතිවරයා දැනුවත් කර තිබියදීත්, එය කඩා බිඳ දැමීම ගැටළුවකි. එබැවින් මේ සම්බන්ධව පරික්ෂණයක් සිදු කර රටට/ සහ රටේ අනාගත පරපුරට ඵෙතිහාසික අහිමිවන ඵෙතිහාසික ස්ථාන විනාශ කරන කරන දේශපාලන හස්තයන් හා රාජ්‍ය නිලධාරීන් පිළිබද විධිමත් පරීක්ෂණයක් ඔබතුමගේ මැදිහත් වීමෙන් සිදු කරන ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නෙමු.” යැයි උන්වමන්සේ වැඩිදුරටත් පවසති.
popular news
-
චමින්ද Saturday, 18 July 2020 06:48 AM
උතුරු නැගෙනහිර ඉපැරණි ඉදිකිරීම් අන්‍ය ජාතිකයින් විනාශකරනවා කියමින් දගලන මිනිසුනේ සංස්කෘතික ඇමති නියෝජනය කරන කුරුනෑගල දිස්ත්‍රිකකයේ සිංහල යැයි කියන නරකාධිපතිම සිංහල රජවරුන්ගේ ඉදිකිරීම් විනාශකිරීම ගැන කියන්නේ කුමක්ද
Reply : 0 15
ranjith Saturday, 18 July 2020 07:10 AM
uthure anthawadeen ehe thiyena purawiddiya wasthu winasa karanawa a athara dakune me karana aparada pitipasa inne kauda yanna soya balanna denwath
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

