බුද්ධිමය හැකියාවක් ඇති අය පාර්ලිමේන්තු යවන්න - චරිත
මෙරට නීති සෑදීම සඳහා බුද්ධිමය හැකියාවක් පවතින පුද්ගලයන් මීළඟ පාර්ලිමේන්තුවට පත් කර ගත යුතු බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය චරිත හේරත් මහතා පැවැසීය. එසේම මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය දේශපාලන වෙනසට ශක්තියක්, බුද්ධියක්, හැකියාවක්, පුහුණුවක්, ශික්ෂණයක් තිබෙන දේශපාලන ධාරාවක් ගොඩනඟා ගැනීමට ඉදිරියේදි යොමු වෙන බවද ඔහු පැවැසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ (14) ප්‍රකාශ කළේය.
“පසුගිය ආණ්ඩුව කළ දේවල් බරපතල විහිලුවක්ව පවතින වකවානුවක ජනාධිපතිවරණ ජයග්රහණයෙන් පසුව යහපත් වූ ආණ්ඩුකරණයක් පවත්වාගෙන යන වත්මන් ආණ්ඩුව ගැන සතුටට පත් විය හැකියි. වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය ඔස්සේ නව දිශාවකට රට ගමන් කරමින් ප්රජාතන්ත්රවාදය සහ සංවර්ධනය ආරක්ෂා කර ඉදිරියට යනවා.
මාධ්‍යකරණය ඩිජිටල් කර තිබෙනවා. මාධ්‍ය සමාජයේ සියලු ගැටලු සාකච්ඡාව, සම්මන්ත්‍රණය, මැදිහත්වීම මඟින් විසඳිය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. අනවශ්‍ය නියාමනකරණයන් නොකළ යුතු බවටත් අනවශ්‍ය බලපෑම් මාධ්‍යයට නොකළ යුතු බවටත් ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා. මාධ්‍යවේදීන්ට ප්‍රමිතියක් ලබාදීම සඳහා වෘත්තීයභාවයක් ලබාදෙන පුහුණු ආයතන ස්ථාපිත කිරීමේ ධනාත්මක යෝජනා ආණ්ඩුවෙන් ඉදිරිපත් කර තිබෙනවා.
මෙරට නීති සෑදීම සඳහා බුද්ධිමය හැකියාවක් පවතින පුද්ගලයන් මීළඟ පාර්ලිමේන්තුවට පත් කර ගත යුතුයි. ඒකාබද්ධ විපක්ෂය, පොදුජන පෙරමුණ ලෙස කණ්ඩායම් කිහිපයක් අප සමඟ සිටිනවා. මීළඟ පාර්ලිමේන්තු දේශපාලන වෙනසට ශක්තියක්, බුද්ධියක්, හැකියාවක්, පුහුණුවක්, ශික්ෂණයක් තිබෙන දේශපාලන ධාරාවක් ගොඩනඟා ගැනීමට අපි ඉදිරියේදි යොමු වෙනවා.”

-
Don Wednesday, 15 January 2020 07:42 AM
පාර්ලිමේන්තුවේ මිරිස්කුඩු ගහපු, පුටුවලින් පොලිසියට ගහපු අයත් අති- බුද්ධිමය හැකියාවන් තියෙන අය. නැත්නම් කැබිනට් එකට පත්කර ගනීවිද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

