මතභේදයට තුඩු දුන් බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ වෝහාරික විගණන වාර්තාව මේ වසර අවසානය වන විට ඉදිරිපත් කිරීමට හැකි වෙනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවැසීය.
අද (31දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. විගණනයන් අප්‍රේල් මාසයේදි ආරම්භ කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
එම විගණනයන් අවසන් කිරිමට තවත් මාස 3ක කාලයක් ගතවෙන බවත් සමූර්ණ වෝහාරික විගණනයන් අවසන් කිරීමට තවත් මාස හයක කාලයක් ගතවෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
