බ්‍රිගේඩියර් ප්‍රියංක සියලු චෝදනාවලින් නිදහස්
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව විසින් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුව පසුගියදා (15දා) නැවත කැඳවූ අවස්ථාවේ බ්‍රිගේඩියර්වරයාට එරෙහිව ලබාදී තිබූ අධිකරණ වරෙන්තුව අවලංගු කළ වෙස්ට්මිනිස්ටර් මහාධිකරණයේ ප්‍රධාන විනිසුරුවරිය,ඔහු සියලු චෝදනාවලින් නිදහස් කර එම නඩුව නැවත මුල සිටම ආරම්භ කිරීමට නියම කළාය.
ඒ අනුව ලබන මැයි 07 වැනිදා මීට අදාළ නඩුව නැවත කැඳවීමේ දින නියම කරමින් එමා අර්බත්නෝට් විනිසුරුවරිය සඳහන් කළේ, අධිකරණ කාර්යමණ්ඩලයේ අත්වැරදීමකින් මෙම නඩුවට අදාළ වැදගත් ලියකියවිලි කිහිපයක්ම අතපසු වීම හා බ්‍රිගේඩියර්වරයට එරෙහිව නඩු තීන්දුව ලබා දීමට පෙර සැලකිල්ලට ගත යුතු එම ලියකියවිලිවලට අදාළ වැදගත් කරුණු කිහිපයක්ම නොතකා හැර තිබීම එයට ප්‍රධාන හේතු බවයි.
පසුගිය වසරේදීලන්ඩන් ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ පැවැති නිදහස් දින සමරු උත්සවයට බාධා කරමින් තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ කළ එල්.ටී.ටී.ඊ. හිතවාදීන් වෙත එවකට ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක නිලයේ කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක අභිනයකින් ඔවුන්ට මරණ තර්ජන සිදු කළැයි පවසමින් පැනවූ නඩුව වසරකටත් වැඩි කාලයක් වෙස්ට්මිනිස්ටර් අධිකරණයේ විභාගයට ගැනුණි.
ශ්‍රී ලංකා රජය විසින් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය හරහා බ්‍රිතාන්‍ය රජයට දැන්වූයේ බ්‍රිගේඩියර්වරයාට රාජතාන්ත්‍රික මුක්තිය ඇති බැවින් ඔහුට එරෙහිව නඩු පැවරීම හෝ අධිකරණ නියෝග ලබා දීම සිදු කළ නොහැකි බවයි.
එහෙත් මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ විදේශ හා පොදු රාජ්‍යඅමාත්‍යාංශය විසින් වෙස්ට්මිනිස්ටර් අධිකරණයට යවන ලද ලිපිගොනු මෙලෙස නොසලකා හැරුණු ලියකියවිලි බවට තොරතුරු වාර්තා වෙයි.
ප්‍රධාන විනිසුරුවරිය විසින් අදාළ නඩුව නැවතත් මුල සිටම කැඳවීමට නියෝග දීම සමග කලබලයට පත්වූ එල්.ටී.ටී.ඊ. හිතවාදීන් බලාපොරොත්තු සුන්ව හැසිරෙනු දැකගත හැකි විය.
පසුව ඔවුහු අධිකරණ ශාලාවෙන් පිටතට පැමිණෙන ශ්‍රීලාංකිකයන්ට චෝදනා කරමින්, පරුෂ වචනවලින් බැණවදිමින් කලහාකාරී ලෙස හසිරුණහ. අධිකරණ භූමියෙන් පිටතට පැමිණෙන පිරිස හඹාවිත් විවිධ ප්‍රශ්න අසමින් ගැටුමකට හෝආරවුලකට මුලපුරා ගැනීමට ප්‍රබල උත්සාහයකද ඔවුහු නියැළුණහ.
එම සිද්ධිවලට මුහුණදුන් කිහිපදෙනෙක්ඒ සම්බන්ධයෙන් වෙස්ට්මිනිස්ටර් අධිකරණය හා පොලීසිය දැනුවත් කිරීමට කටයුතු කළහ.
එල්.ටී.ටී.ඊ. සංවිධානය බ්‍රිතාන්‍ය තුළ තහනම් ත්‍රස්ත සංවිධානයක් බැවින් මෙලෙස එල්.ටී.ටී.ඊ.ධජ හා එල්.ටී.ටී.ඊ. නායකයාගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණ සිදුකිරීම සම්බන්ධයෙන් එම පිරිස ලන්ඩන් ත්‍රස්ත මර්දන ඒකකයද දැනුවත් කළහ.
ජනක අලහප්පෙරුම ලන්ඩනයේ සිට

popular news
-
Champa Monday, 18 March 2019 01:36 PM
මේක ඉවර නැහැ. මේ නඩුව මුල ඉඳලම අහන්න කියපු එකත් වැරදියි. හරි නම් නඩුව වීසි කරන්න තිබ්බේ. කොටින්ම කිව්වා නම් මෙහෙම නඩුවක් දාන්නත් බැහැ. ලන්ඩන් තානාපති කාර්යාලය ඒ බව දැනුම් දෙන්න ඕනේ British Foreign Office එකට. මේ නඩුව අහන්න ගන්න එක නවත්තන එක තානාපති කෙනෙක්ගේ ලේකම් කෙනෙකුට එක telephone call එකකින් කරන්න පුළුවන් වැඩක්.
Reply : 0 1
Champa Monday, 18 March 2019 01:44 PM
මේ නඩුව මුලින්ම දානවා කියල දැන ගත්ත වෙලාවේ ලන්ඩන් තානාපති කාර්යාලය එදා මුකුත් කලේ නැහැ ඒ මොකොද කිව්වා නම් වහල් ආණ්ඩුවයි කොටියි අතරේ deal එකක් තියෙන නිසා සහ ලංකාවේ හමුදාව ලංකාවේ හිරේ බැරිනම් ලන්ඩන් හිරේ හරි දාන්න පුළුවන් නම් වහල් ආණ්ඩුව කැමති නිසා. තානාපති මුක්තිය කියන්නේ තානාපති කාර්යාලය ඇතුලේ මිනිහෙක් මැරුවත් නඩු දාන්න බැහැ. ඇතුලේ විතරක් නෙමෙයි accident එකකින් මිනිහෙක් මැරුවත් නඩු දාන්න බැහැ මුක්තිය තියෙන කම්. මිනිමරුමක්දි වැඩිම කරන්න පුළුවන් රටින් එලියට යවන්න කියලා තානාපති කාර්යාලයට කියන එක. නමුත් ඊට පස්සේ වුනත් නඩු දාන්න බැහැ. ප්‍රියංක කරපු වැඩේ නඩුවක් දාන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ නඩුව ඉල්ලා අස් කරගන්න කියන්න ඕනේ.
Reply : 0 1
Deepal Nirosh Monday, 18 March 2019 02:29 PM
අනේ මේ වගේ බ්‍රිතාන්‍ය විනිසුරුවන් එක්ක ද ලංකාවෙ හයිබ්‍රිඩ් අධිකරණ පිහිටුවන්න යන්නෙ? ඉතින් එහනම් ඒකෙනුත් වැඩක් වෙන එකක්නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

