බහුතරය ගැන මැකෝගේ අදහස
බහුතර මතය කිසිය විටක ප්රජාතන්ත්රවාදය නොවන බවත් බහුතරයේ මතය සුළුතරයට අගතියක් නොවන ලෙස ක්රියාත්මක කිරීම සෑබෑ ප්රජාතන්ත්රවාදය බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය මහතා පවසයි.
ගාල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලයේ අද පැවැති වැඩසටහනකදී ඔහු මේ බව ප්රකාශ කළේය.
“බහුතරයේ මතය ක්රියාත්මක කිරිම කිසිකලෙක ප්රජාතන්ත්රවාදය නෙමෙයි. බහුතරයේ මතය සුළුතරයේ මතයට අගතියක් නොවන ලෙස ක්රියාත්මක කිරීම තමයි සැබෑ ප්රජාතන්ත්රවාදය.
යාපනයේදී බහුතරය දෙමළ කථා කරන නිසා එහිදී සිංහල කථා කරන අයට අගතියක් වෙන්නත් බෑ. ඒ වගේම හම්බන්තොටදී බහුතරය සිංහල නිසා එහිදී දෙමළ කතා කරන අයට අගතියක් වෙන්න දෙන්නත් බෑ.
අපි ඔක්කොම අත්උස්සලා ඡන්ද බලය වෙනුවෙන් පෙනී සිටිනවා. එතනදී විතරයි සියලුම දෙනාට එකට එකතුවෙන්න පුළුවන්”

popular news
-
hubert Thursday, 29 November 2018 03:44 PM
විකාර මෙතැන බහුතරයට අගතිය වෙලා
Reply : 51 1
Champa Thursday, 29 November 2018 05:31 PM
හක් හක් හා. නියම වැඩේ. ඊළඟ චන්දෙදි ප්රතිඵල කියන කොට මෙයා ජයග්රණය කරපු පක්ෂේ කියල සුළුතර චන්ද ගත්ත පක්ෂේ නම් කරයි. ඒ මොකොද බහුතරය ගත්ත පක්ෂේ දිනුවට ඒක ප්රජාතන්ත්රවාදය නෙමෙයි කියලා උපකල්පනය කරලා. හක් හක් හා එතකොට මෙච්චර කල් ලංකා පාර්ලිමේන්තුවේ බහුතරය ගත්ත පක්ෂේ නායකයා වීම නිසා අගමතිවරු වුනු හැමෝම එහෙම පත් වෙලා තියෙන්නේ ප්රජාතන්ත්ර විරෝධීව. මම හිතුවේ ජනාධිපතිට විතරයි නුහුගුනේ තියෙන්නේ කියල. බලාගෙන යනකොට මැතිවරණ කොමිසමේ සභාපතිටත් නුහුගුනේ. මේ දවස්වල හුගක් අයට නුහුගුනේ හැදෙනවා සල්ලි මිටි පාවෙන හැටියට. මේ සභාපතිට නම් එහෙම නැතුව ඇති. බෝවෙලා මන් හිතන්නේ. මේ තරම් වංචනික කාලයක් නම් ලංකා ඉතිහාසයේම නැහැ.
Reply : 0 0
dayan Thursday, 29 November 2018 05:58 PM
මෙයට හැදිච්ච ලෙඩේ මොකක්ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

