බස් දෙකක් ගැටී 28ට තුවාල
නුවරඒළිය තලවකැලේ නානුඔය වටරවුම් මාර්ගයේ ඩෙස්පෝඩ් ප්‍රදේශයේදි පෞද්ගලික බස් රථයක් සහ බන්ධනාගාර බස් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් (14) දින උදෑසන 11:00ට පමන සිදු වූ අනතුරකින් 28 දෙනෙකු තුවාල ලබා නුවරඒළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කල බව නානුඔය පොලිසිය පැවසීය.
මෙසේ අනතුරට පත් වී ඇත්තේ කොළඹ සිට නුවරඒළිය දක්වා බන්ධනාගාර නිළධාරින් පිරිසක් රැගත් බස් රථයක් සහ වැලිමඩ බොරලන්ද ප්‍රදේශයේ සිට ආගරපතන ප්‍රදේශයේ විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගි වීමට යමින් සිටි පිරිසක් බවයි නානුඔය පොලිසිය කියා සිටියේ.
වැලිකඩ බන්ධනාගාරයේ නිළධාරින් පිරිසක් නුවරඒළියේ සංචාරයක් සදහා පැමිණෙමින් සිටියදී මෙසේ අනතුරට පත් වී ඇති බවත්, ඒම බස් රථයේ රියදුරා පමණක් නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්, අනතුරින් තුවාල ලැබූ සෙසු බන්ධනාගාර නිළධාරින් නුවරඒළිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබා පිටව ලිය බවයි නානුඔය පොලිසියේ ස්ථානධිපතිවරයා කියා සිටියේ.
අනතුරින් බස් රථ දෙකේම ගමන් ගත් පිරිසට තුවාල සිදු වී ඇති බවත්, තුවාලකරුවන්ගෙ තත්වය බරපල නොවන බවයි නානුඔය පොලිසිය කියා සිටියේ.
අනතුරින් තුවාල ලැබුවන් 1990 සුව සැරියෙන් සහ අවට ප්‍රදේශයේ වතු කම්කරුවන් ඒක්ව රෝහල්ගත කර ඇත.
අනතුරට හේතුව බස්රථ දෙකේ රියදුරන්ගේ නොසැලකිලිමත් රිය ධාවනය බවත්, අනතුරින් බස් රථ දෙකටම හානි සිදු වීඇති බව නානුඔය පොලිසිය පැවසීය.




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
