මෙම වසර අවසන් වීමට පෙර බස්රථවල ප්‍රවේශපත්‍ර වෙනුවට කාඩ් ක්‍රමය හඳුන්වා දෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
මාරු කාසි හා ඉතුරු මුදල් ලබාගැනීමේදී ඇතිවන ගැටලුවලට විසඳුමක් ලැබෙන බැවින් මගීන්ට හා කොන්දොස්තර මහතුන්ටමෙම ක්‍රමය පහසුවක් වනු ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මගීන්ගෙන් ලැබෙන මුදල් වංචා කිරීමට අවස්ථාවක් නොලැබෙන බැවින් කාඩ්පත් ක්‍රමය හේතුවෙන් බස් හිමියන්ගේ ආදායම වැඩිවනු ඇතැයිද හෙතෙම සඳහන් කරයි.
මගී ජනතාව පැරණි බස්රථවල ගමන් කරනවාට වඩා නවීන බස්රථවල ගමන් කිරීමට කැමැත්තක් දක්වන බවත්, ලංකා ගමනාගමන මණ්ඩලයේ පැරණි බස්රථ වෙනුවට විද්‍යුත් බස්රථ 500ක් සහිතව නවීන බස්රථ 1000ක් ආනයනය කරන බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.
ඉතා ඉක්මනින් අන්තර් පළාත් බස්රථවලට හා ශ්‍රී ලංගම බස් රථවලට ජී.පී.එස්. තාක්ෂණයත් සම්බන්ධ කරන බවත්, ඒ අනුව මගීන්ට අවශ්‍ය වෙලාවන්වලදීඅවශ්ය බස් රථය තිබෙන ස්ථාන ගැන අවබෝධයක් ලබාගත හැකි බවත් අමාත්‍යවරයා පවසයි.
මේ අතර,නව දුම්රිය මැදිරි 160ක් කඩිනමින්ම ආනයනය කරධාවනයට එක්කරන බවත්,උඩරට මාර්ගයට දුම්රිය එන්ජින් 12ක් ලබාගැනීමට කටයුතු කර තිබෙන බවත් පැවසූ නිමල් සිරිපාල ද සිල්වා මහතා, මෙම වසර අවසන් වීමට පෙර අනෙකුත් මාර්ගවලට බලවේග කට්ටල මිලදී ගන්නා බවද පවසා සිටියි.
