බස් ගාස්තු වැඩිවීම අමාත්‍ය මණ්ඩල තිරණයකින් පසුවයි
බස් ගාස්තු වැඩිවීම අමාත්‍ය මණ්ඩල තීරණයකින් පසුව සිදුවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (17දා) පැවසීය.
බස් ගාස්තු වැඩි කිරීම පිළිබඳ නිර්ණායක අධ්‍යයනය කිරීම සඳහා දැනට වාර්තාවක් සකස් කරගෙන යන බවත්, කුමන ප්‍රමාණයකින් බස් ගාස්තු ඉහළ දැමිය යුතුද යන්න සම්බන්ධව අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීම සදහා ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් තවත් වාර්තාවක් සකස් කරන බවත් අමත්‍යවරයා සඳහන් කළේය.
පෞද්ගලික බස් හිමියන් සමග සුහදව සාකච්ඡා කොට ඔවුන්ගේ අදහස් සැලකිල්ලට ගෙන මෙම ප්රශ්නය විසඳාගැනීමට සැලසුම් කර තිබෙන බවත්, ඒ සඳහා අනිද්දා (19දා) පෙරවරු 09.00ට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරීන් හා බස් හිමියන් සමග සාකච්ඡාවක් පැවැත්වෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
මෙම සාකච්ඡාවේදී කරුණු සැලකිල්ලට ගෙන අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරන බවත්, අමාත්‍ය මණ්ඩලය මගින් තීරණය කරනු ලබන බස් ගාස්තු සංශෝධනයක් කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය කටයුතු කරන බවත් කී හෙතෙම බස් මගීන්ගේ සංගම් සමගද මේ පිළිබඳ සාකච්ඡා කීරීමට නියමිත බව කියා සිටියේය.

popular news
-
Champa Monday, 17 September 2018 09:21 PM
මේක හරි වැඩක්නේ. අවුරුද්දකට කී පාරක් වැඩි කරනවද හලෝ? මේ ළඟදිත් වැඩි කරානේ. තෙල් මිල වැඩි වෙන ගාන බස් ගාස්තු වැඩි කරනවා. දැන් තෙල් මිල මාසේ ගානේ වැඩි කරනවා. එතකොට බස් ගාස්තුත් මාසේ ගානේ වැඩි කරන්න ගන්නවා. කරන්න තියෙන්නේ තෙල් මිල සූත්‍රය වීසි කරලා දාන එක. නැත්නම් අවුරුද්ද මුල ඒක දාන එක. එතකොට ප්‍රශ්න ගොඩක් විසඳෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

