බසය අඩි 150 ක් ප්රපාතයේ - ළමයෙක් මරුට
කන්දෙගෙදර සිට බදුල්ල බලා ධාවනය වූ ලංගම බස් රථයක් අද උදෑසන 8.00 ට පමණ බදුල්ල අලුගොල්ල කන්දෙන් අඩි 150ක ප්රපාතයකට පෙරළී අනතුරට ලක්වීමෙන් 13 හැවිරිදි දරුවෙකු මියගොස් 34 දෙනෙක් තුවාල ලබා ඇති බව බදුල්ල පොලීසිය පවසයි.
බදුල්ල ඩිපෝවට අයත් බස් රථයක් මෙලෙස අනතුරට පත්ව ඇත.
අනතුරට පත් බස් රථයේ රියදුරා මාර්ගයේ පටු ස්ථානයකදී වාහනයකට ඉඩදීමට යෑමේදී බසය පෙරළී ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බව පොලීසිය පවසයි. රෝහල් ගත කළ තුවාල කරුවන්ගෙන් 3 දෙනෙකුගේ තත්ත්වය බරතපළ අතර බදුල්ල පොලීසිය අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
පාලිත ආරියවංශ/ප්රසාද් රුක්මාල්


popular news
-
ravi Monday, 27 August 2018 03:03 PM
තමන් පදවන වාහනයේ .. දිග / පළල නොදන්නා මේ වගේ .. ගොබ්බ බස් රියදුරන් .. ඉන්නේ අපේ රටේ පමණක් බව ඉතා කණගාටුවෙන් සඳහන් කරමු .. !
Reply : 0 0
Champa Monday, 27 August 2018 06:23 PM
ඇයි අනේ මේ වගේ තැන්වල පාරේ යකඩ වැටවල් ගහන්න බැරි? ඒක මහා මාර්ග වලට අදාළ මූලිකම කාරණාවක්. පව් අහිංසක දරුවෙක්ගේ ජීවිතේ නැතිවුන.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

