බලෙන් ඇවිත් කූඩැල්ලන් වගේ ඉන්න පිරිස ඉවත් කරනවා
නීත්‍යානුකූල රජයක් යටතේ නීත්‍යානුකූලව පවත්වන ඕනෑම මැතිවරණයකට සූදානම් බවත් බලයක් නැතිව කූඩැල්ලන් මෙන් එල්ලිලා සිටින පිරිස ඉවත් කිරීමට කටයුතු කරන බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
එක්සත් ජාතික පෙරමුණ විසින් මහනුවර පැවැත්වූ ජන රැළිය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේදී සිරිසේන - රාජපක්ෂ හවුලට ඊයේ පිළිගන්න වුණා ඔවුන්ට බහුතරය නෑ කියලා. ලෝකයේ කිසිදු කථානායකවරයෙක් මුහුණ නොදුන් ප්‍රශ්නවලට ඔහු මුහුණ දුන්නා. අද ලෝකය දන්නවා මොවුන් ඡන්දයට එන්න බයයි කියලා.
මුලින්ම මම අගමැති වෙලා ඉන්දැද්දි මහින්ද රාජපක්ෂ අගමැති හැටියට පත් කළා. නීති විරෝධීව ඇමතිවරුන් පත් කළා. පාර්ලිමේන්තුව රැස් වෙන්න ඉඩ දුන්නේ නෑ පුටු කැඩුවා .මිරිස් කුඩු දැම්මා.අපි වාඩි වෙලා බලාගෙන හිටියා .අන්තිමට කතානායක තුමාට සිද්ධ වුණා පොලීසිය ගෙනල්ලා මේ තත්වය පාලනය කරන්න.
අපි බය නෑ ඡන්දයකට යන්න. ඒත ඡන්දයකට යන්න ඕන නීත්‍යනුකූල ආණ්ඩුවක් යටතේ. නැත්නම් ඒක නීත්‍යානුකූල ඡන්දයක් නෙවෙයි.පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් තීරණය කරලා ජනාධිපති ඡන්දයද නැත්නම් පාර්ලිමේන්තු ඡන්දයද ඕන එකක් තියන්න පුළුවන්. ඒක අපිට ප්‍රශ්නයක් නෙවෙයි.ජනතාවගේ අයිතිය ආරක්ෂා කරනවානම් ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න ඕන. ව්‍යවස්ථාව ආරක්ෂාව කරනවා නම් අපි ව්‍යවස්ථාව අනුවයි ඡන්දය තියන්න ඕන.
බලයක් නැති මේ කණ්ඩායම බෝඩ් අල්ලගෙන ඉන්නවා අගමැති ඇමති කියලා .මුදල් ඇමති ආර්ථික ඇමති කියලා .ජනතාවටත් ඕන නම් ඔය විදිහට බෝඩ් දාගන්න පුළුවන්. බලයක් නැතිවයි මේකේ එල්ලියා ඉන්නේ පාර්ලිම්න්තුව එපා කිව්වහම යන්න ඕන. බලෙන් ඇවිත් කූඩැල්ලන් වගේ එල්ලිලා ඉන්නවා. අපි දැන් හදන්නේ මේ කූඩැල්ලන් අයින් කරන්නයි හදන්නේ. 29 වනදා පැවැත්වෙන ඡන්දයෙන් මේ කූඩැල්ලාව අයින් කරනවා”
මොහොමඩ් ආශික්

popular news
-
Duminda Sunday, 25 November 2018 04:29 AM
පාර්ලිමේන්තුවේ මහලේකම් ඉන්නේ හරිම හිතේ කනස්සල්ලෙන්. ඔහුගේ කටයුතුවලටත් කථානායකවරයා ඇඟිලි ගසමින් බලපෑම් කරනවලූ. එයා මේ රස්සාවෙන් අයින් වෙන්න කල්පනා කරනවා කියලත් සේවකයන්ට කියලා තියනවා කියලයි අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් තොරතුරු වාර්තා වෙන්නේ....දිවයින - පච, අසීලචාර්ය මද්‍යය සංස්කෘතිය . එකත් වාර්තා වෙන්නේ අගමැති කාර්යාලයෙන්. යක්කෝ එතකොට පාර්ලිමේන්තුවේ මහලේකම් අගමැති කාර්යාලය යථාතේද බෝල වැඩ කරන්නේ.
Reply : 0 0
Nandana Sunday, 25 November 2018 02:34 PM
දුමින්ද චිත්තයක් ඇඳ ගන්න .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

