බලහත්කාරයෙන් එලවන්න ලේසි වෙන්නේ නෑ- අගමැති
තමන්ව විශ්වාසභංගයකින් ඉවත් කළ හැක්නේ නීත්‍යානුකූලව බවත් එසේ සම්මත කරගත හොත් තමන් ධූරයෙන් ඉවත්වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
වීරකැටියේ පැවැති උත්සවයකදී ඔහු මේ බව පැවැසීය.
“අද පාර්ලිමේන්තුව නාඩගම් මඩුවකට සමානයි. නමුත් අපි ආණ්ඩුව ගෙනියනවා. දාලා දුවන්නේ නෑ. නීත්‍යානුකූලව විශ්වාසභංග යෝජනාවක් සම්මත කරගත්තෝත් එදාට මේක දීලා යන්න අපි සූදානම්. හැබැයි බලහත්කාරයෙන් අපහාසාත්මකව ඒක කළොත් ඒක ලේසි වෙන්නේ නෑ අපිව එළවන්න.
ජනාධිපතිවරයාට විතරයි මාව එහාට මෙහාට කරන්න පුළුවන්. අපි ඉදිරියේදීත් ජනතාවට සහන දෙනවා. ජනතාව මේ පීඩනයෙන් මුදවාගත යුතුයි. ඊට පස්සේ අපි සංවර්ධනය කිරීමට පියවර ගන්නවා.”
popular news
-
rocky Sunday, 18 November 2018 02:52 PM
විලි ලජ්ජා නැතුව පස්ස දොරෙන් රිංගලා ඔහේ මේ පාරම් බාන්නේ රටේ ජනතාවටද? හිතන්න එපා මේ රටේ අයිතිකාරයා කියල. ඔහෙට තිබුන තැනත් නැති කර ගත්තා. දැන් බලෙන් පැලපදියම් වෙන්න දොඩවන්නේ නැතුව නම්බු පිටින් අයින් වුනොත් හොඳයි!
Reply : 0 0
Manoj Sunday, 18 November 2018 03:51 PM
ජනතාවට සහන දෙන්න ඔනිම නන්, වදයක් නොවී අයින් වෙන්නකො.. හරි විදිහට එන්න.
Reply : 0 0
rocky Monday, 19 November 2018 06:12 AM
යනවා නම් නර බිලි හතක් නැතුව බැහැ, ගුරුන්නාන්සේ!
Reply : 0 0
Nandana Monday, 19 November 2018 01:05 PM
කුරුණෑගල මන්ත්‍රීට මොකද වෙලාතියෙන්නේ,
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

