බලය හා වගකීම අඩු කිරීමේ ක්‍රියාදාමයක් - සජිත්
කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්විමේදි ඡන්ද විමසීමක් සිදු නොවුණ බවත් මෙවැනි අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමෙන් විමසීමක් සිදුවිය යුතු බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
ඊයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරිමට පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
ජාතික සමගි ජන බලවේගය ස්ථාපිත කරනු ලැබුවේද කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තමන්ට ලබාදුන් වගකීම අනුව බවත් ඔහු පැවැසීය.
කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණ විධිමත්ව ක්‍රියාත්මක නොවුණ නිසා ගැටලුකාරි තත්ත්වයන් ඇතිව තිබෙන බවත් ඔහු පැවැසීය.
බලය, වගකීම හා ක්‍රියාදාමය අඩු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වූ බවත් ඔහු පැවැසීය.
"ලකුණ ගැන කිසිම ප්‍රශ්ණයක් නෑ. අලියා දෙනවනම් අලියා දෙන්න. හංසයා දෙනවනම් හංසයා දෙන්න. වෙනත් ඕනෑම ලකුණක් දෙන්න. තවමත් ලකුණ හුවමාරු කර ගැනීමේ කිසිම බාධාවක් නෑ."
popular news
-
appuwaa Monday, 02 March 2020 11:19 PM
මොන ලකුණෙන් ආවත් ප්‍රතිපලය එකයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
