බලපත්‍ර රහිත පුපුරණ ද්‍රව්‍ය ගැන පොලීසියට කියන්න අවස්ථාවක්
බලපත්‍ර රහිතව හෝ වෙනත් ආකාරයකි හෝ නීති විරෝධීව පුපුරුණ ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටින අයට ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දීමට පොලීස් මූලස්ථානය අවසර ලබාදී තිබේ.
මේ අනුව අද (11දා) පෙ.ව. 6.00 සිට 2019/05/14 දා පෙ.ව. 6.00 තෙක් දින තුනක කාලයක් මෙම අවස්ථාව ලබා දී තිබේ.
එහිදී බලපත්‍ර රහිතව හෝ වෙනත් ආකාරයකින් හෝ පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටින තැනැත්නත් විසින් එකී පුපුරුණ ද්‍රව්‍ය පිළිබඳවත් එය තබා ඇති ස්ථානය පිළිබඳවත් ළඟම ඇති පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපත වෙත දැනුම් දියහැකිය.
එහිදි එම ස්ථානයට ගොස් අදාළ පුපුරුණ ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන ඒ පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බව පොලීසිය පවසයි.

popular news
-
Champa Saturday, 11 May 2019 06:23 PM
මේක මෙතනට අදාළ නැහැ. නමුත් කියන්න ඕනේ. ත්‍රස්ත සැකකරුවන්ට visa නොදී ඉන්න ඔවුන්ගේ නම් ලැයිස්තුවක් ලංකාවේ ඉන්න විදේශ තානාපතිවරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලලා තියෙනව. ඒක දෙන්න එපා. එහම දෙන්න අවශ්‍ය නැහැ. එහෙනම් reciprocate කරන්න ඕනේ. ඒ කියන්නේ ඒ විදේශ රටවල් ඒ රටවල් ඉන්න LTTE ත්රස්තවාදීන්ගේ නම් ලැයිස්තුවක් ඉල්ලුවොත් දෙයිද? අඩු ගානේ 2006- 2010 අතර ලංකාවෙන් එලියට ගිය දෙමල ජාතීන් ගේ සංඛ්‍යාව කීයද කියල ඇහැව්වොත් ඒකවත් දෙන්නේ නැහැ. ඒ හින්ද මේ නම් ලැයිස්තුව දෙන්න එපා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

