බය නැතිනම් නඩුවලට පෙනී ඉන්න - මනුෂ ගෝඨාට කියයි
ගෝඨාභය රාජපක්ෂ යනු එක්සත් ජාතික පක්ෂයට ලෙහෙසියෙන්ම පරාජය කළ හැකි අපේක්ෂකයා බවත්, මේ නිසා ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සජිත් ප්‍රේමදාස මහතාට වඩාත් වාසිදායක බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවේය.
“මේ ලෝක ඉතිහාසයේ වැඩිම නඩු ප්‍රමාණයක් තිබෙන, මෙතරම් චෝදනා තිබෙන, මෙතරම් රාජ්‍ය දේපල අව භාවිතා කරපු වෙනත් කිසිම ජනාධිපති අපේක්ෂකයෙක් ලෝකයේ නෑ.
දැන් ඔය බය නැති ගෝඨා කියලා කියනවානේ. බය නැතිනම් මේ නඩුවලට මෙතරම් බය වෙන්නේ ඇයි? වැරදි කරලා නැති නම් මේ තරම් බය වෙන්නේ ඇයි? නඩුවලට වාරණ ගන්නවා. වැරදි කරලා නැති නම් බය නැතිව නඩුවලට පෙනී ඉන්න ඕන. වැරදි කරලා තියෙන බව දන්නා නිසා තමයි මේ විදියට නඩු මග අරිමින් ඉන්නේ.
මේ නිසා ගෝඨාභය රාජපක්ෂ ඡන්දෙට එනවට අපි කැමැතියි. ගෝඨාභය රාජපක්ෂ තරම් වාසිදායක අපේක්ෂකයෙක් තවත් නැහැ. ඒ නිසා ගෝඨා ඡන්දෙට එනව අපි කැමැතියි. අපිට හොදම අපේක්ෂකයා වන්නේ ගෝඨාභය රාජපක්ෂ තමයි.”

popular news
-
Deepal Nirosh Friday, 04 October 2019 10:03 PM
ඉතින් ඒතුමා බය නැතුව නඩුවලට ෙපනී ඉන්ෙන, ඔබතුමාල බය නැතුව ඡන්දයට ෙපනී හිටින්න.
Reply : 0 0
sg Saturday, 05 October 2019 01:05 AM
විශ්‍රාම ගියොත් හොදයි නේද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

