බම්බලපිටිය අනතුරේ නඩුව - මාධ්‍යවේදීන් හා සාමාන්‍ය ජනතාව අධිකරණයෙන් ඉවත් කරයි
බොරැල්ල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක්කර පළා යෑමේ සිදුවීමට අදාළ නඩුව විභාග කිරීමේදී අධිකරණ ශාලාව තුළ රැඳී සිටි මාධ්‍යවේදින් හා සාමාන්‍ය ජනතාව ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
මෙම නඩුව කොළඹ අලුත්කඩේ අංක 3 මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැණින. නඩුව විමසීම සඳහා නීතිඥවරුන් හා පොලිස් නිලධාරීන් පමණක් අධිකරණ ශාලව තුළ රැදී සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුතා හා කොළඹ නාගරික මන්ත්‍රී සුදම්මික ආටිගල මෙම නඩුවේ විත්තිකරුවෝ වෙති. ඔවුන්ද ඇතුළුව අට දෙනෙක් අත්අඩංගුවට පත්වූ අතර එයින් 7 දෙනෙකුට ඇප නියම විය.

popular news
-
rocky Monday, 25 February 2019 07:54 PM
පාන්දර ජාමේ ඔය බේබදු සල්ලාල කොල්ලන් එක්ක හෝටල් ගානේ සවාරි ගහපු මෝහිනී කවුද? දානකො පොටෝ එකක් වත්, මිනිස්සුන්ට පරෙස්සම් වෙන්න!
Reply : 0 0
Kumar Tuesday, 26 February 2019 08:28 AM
උසාවිය හොර රහසේම තීන්දුවක් දෙන්න යනවා වගෙ. කොහොමහරි යතුරු පැදියේ සිටි පොලිස් නිලධාරියා වැරදිකරු කරන්න හදන්නෙ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

