බන්ධනාගාර නිලධාරින්ගේ ඇස් වසා පළා ගිය සිරකරු
විවාහක කාන්තාවන් දෙදෙනෙකු දූෂණය කර රුපියල් එක්ලක්ෂ හතලිස්දහසක හා පනස්පන්දහසක වටිනාකම් ඇති ගෙල බැදි රන් මාල දෙකක් කොල්ලකෑ පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන බදුල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියදී නඩු වාරයක් සඳහා මහියංගණ උසාවිය සඳහා ගෙනවිත් සිටියදී, ඊයේ (14) දහවල් සිරකූඩුවෙන් එළියට ගැනිමේදී බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදී පළා ගොස් ඇත.
අංක 04, හතරවන පටු මග, හොරොග්ගලවත්ත, හොරොම්බාව, නාරම්මල පදිංචි නුවන් මදුසංක වික්රමසිංහ නැමැති සැකකරුවෙකු මෙලෙස පළා ගොස් ඇත.
මෙම සැකකරු සමඟ හෙරොයින් සඳහා අත්අඩංගුවට පත්ව නඩුවාරය සඳහා ගෙනවිත් සිටි තවත් පුද්ගලයෙකුද පළා ගිය අතර බන්ධනාගාර නිලධාරින් මහත් පරිශ්රමයක් යොදා එම සැකකරු අත්අඩංගුවට ගැනිමට සමත්ව ඇත.
බන්ධනාගාර නිලධාරින්ගේ ග්රහණයෙන් මිදී පැන ගිය සිරකරු 2017 වර්ෂයේදී 16 කණුව මැදයාය මාපාකඩවැව ප්රදේශයේ නිවසකට පැන නිවසේ සිටි විවාහක වයස අවුරුදු 24ක හා 18ක කාන්තාවන් දෙදෙනෙකු බලහත්කාරයෙන් දූෂණය කර ගෙල බැදි රන් මාලයන් කොල්ල කෑමේ සිද්ධියට මහියංගණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මහියංගණ උසාවිය මගින් රක්ෂිත බන්ධනාගාරගත කල අයෙකි.
බන්ධනාගාර නිලධාරින් හා පොලිස් නිලධාරින් හා එක්ව පොලිස් නිල සුනඛයන්ද යොදා පළා ගිය සිරකරු සොයා මෙහෙයුම් සිදු කරනු ලැබු අතර පළාගිය සිරකරු සොයා ගැනිමට නොහැකි විය.
සැකකරු සොයා මෙහෙයුම් තවදුරටත් සිදු කෙරේ.
මහියංගණ - රංජිත් කරුණාවීර

popular news
-
shan Wednesday, 15 May 2019 01:54 PM
keyak dunnada dane naha palayanna udawu ganna
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

