වැලිකඩ බන්ධනාගාරයේ නියාමකවරයෙකු ගංජා සමඟ බොරැල්ල ටි 20 වත්ත ප්‍රදේශයේ දී ඊයේ (24) අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි
එම සැකකරු සමඟ ගංජා මිලිග්‍රෑම් 1510ක් පොලිසිය භාරයට ගෙන ඇත
කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන බොරැල්ල පොලිස් ස්ථානයට භාර දීමෙන් අනතුරුව සිදු කළ පරීක්ෂණ වලදී ඔහු වැලිකඩ බන්ධනාගාරයේ නියාමකවරයෙකු බවට අනාවරණ වූ බව පොලිස් නිලධාරියකු පැවැසීය
අත්අඩංගුවට ගත් සැකකරු අකුරැස්ස ,විල්ව්ට ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකි
සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ