බන්ධනාගාරයට මත්කුඩු රැගෙන ගිය කතක් අත්අඩංගුවට
ගාල්ල බන්ධනාගාරයේ සිටින රැඳිවියකු බැලිම සදහා කොට කලිසමක වාටියේ දාරය තුළ හෙරොයින් මත්කුඩු ග්රැම් 06ක් හා මිලිග්රැම් 550ක් සඟවාගෙන රැගෙන පැමිණි තිදරු මවක් ගාල්ල බන්ධනාගාරයේ නිලධාරින් විසින් අල්ලා ඊයේ පස්වරුවේ දි (16) ගාල්ල පොලීසියට භාරදි ඇත.
බන්ධනාගාරගතව සිටින තම පුතු බැලිම සදහා මෙකි කාන්තාව ඊයේ පස්වරුවේ ගාල්ල බන්ධනාගාරයට පැමිණ ඇත. බන්ධනාගාර රැඳවියන් බැලිම සදහා පැමිණෙන අමුත්තන් පරික්ෂා කරන ස්ථානයේ දි ඇය පරික්ෂා කිරිමේ දි රැඳවියාට ලබාදිම සදහා රැගෙන එනු ලැබු කොටකලිසමේ වාටිය තුළ තිබු මෙකි මත්කුඩු හමුවි ඇත.
බන්ධනාගාරගතව සිටින තම පුතු බැලිම සදහා යන බව කි විට අසල්වැසිඅයෙක් රැඳවියකුට ලබාදිම සදහා මෙම කලිසම ලබාදුන් බව ඇය පොලීසිය ඉදිරියේ පාපොච්චාරණය කළ බව පොලීසිය පවසයි. කාන්තාව තෙල්වත්තේ පදිංචි 51හැවිරිදි අයෙකි. සැකකාර කාන්තාව අද (17) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
