‘බන්දුල ගුණවර්ධන පොලිටීෂියන්‘ නමින් ජනාධිපතිවරයාට සහය පළකරන ආකාරයෙන් පවත්වාගෙන යන ව්‍යාජ මුහුණු පොතේ (ෆේස්බුක්) ගිණුමක් සම්බන්ධව පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකයට පැමිණිලි කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්රවෘත්ති පමණක් පළකරමින් තිබෙන මෙම ෆේස්බුක් ගිණුම මගින් තමාගේ දේශපාලන ස්ථාවරත්වය විකෘති කර තිබෙන බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.
ඉකුත් දිනවල එම ගිණුමෙ පළවූ ඇතැම් ප්රවෘත්ති සම්බන්ධව විවිධ පාර්ශව තමන්ගෙන් කරුණු විමසා සිටි බවත්,ඒ සම්බන්ධව තමාගේ කිසිදු සම්බන්ධයක් නැතැයි එම පුද්ගලයන්ට පැවසූ බවත් හෙතෙම කීය.
කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේය.
